කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍ර සියයක් ගොවීන්ට නොදී ගොවිජන මධ්‍යස්ථානවල දිරාපත් වන බවට චෝදනා

80

උතුරුමැද කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් චෝදනාව පිළිගනී

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා ගොවීන්ට බෙදාදීමට ගෙන්වූ යන්ත්‍ර නිසි පරිදි බෙදා නොදීම නිසා එම යන්ත්‍ර ගොවි ජන මධ්‍යස්ථාන වල වසරකට අධික කාලයක් තිස්සේ විනාශ මුඛයට යමින් තිබීම ජාතික අපරාධයක් බව ගොවීහු පවසති.

රු. කෝටියකට අධික වටිනාකමක් සහිත මෙම යන්ත්‍ර සියයකට අධික ප්‍රමාණයක් මෙසේ විනාශයට යමින් පවතී. මෙම යන්ත්‍ර මිලදී ගැනීම ඉතා කඩිමුඩියේ සිදු කළේ බලධාරීන් කමිෂන් ලබා ගැනීමේ අරමුණ ඇතිව බව දැන් පැහැදිළිය. මිල දී ගැනීමට තිබුණු හදිස්සිය ඒවා බෙදා දීමට නොමැති බව පෙනෙන්නට ඇත. ජනතාවගේ මුදල් විනාශ කළ අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළයුතු අතර මෙම යන්ත්‍ර මිලදී ගැනිමේදී වංචා සිදුවී ඇතැයිද යන්න පිළිබඳ රජය වහාම විගණනයක් සිදු කළ යුතුබවට ගොවීහු පවසති. මේ පිළිබඳ උතුරු මැද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් බෙදා නොහැර ගොවි ජන සේවා මධ්‍යස්ථානවල ගොඩ ගසා ඇති බවයි.

නොචිචියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment