කොම්පෝස්ට් මූලික පොහොරක් යැයි වැරැදි ලෙස වටහා ගැනීමෙන් කාබනික වගාවට ගොවීන් පොළඹවා ගැනීම අසාර්ථක වුණා – ඇමැති මහින්ද අමරවීර

181

වී වගාවේ වල් මර්දනය හා කෘමි පාලනයට විකල්පයක් හඳුන්වා නොදීම බරපතළ ගැටලූවක්

කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට, දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කරයි.

දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය යටතේ ක‍්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය, තත්ත්ව පාලන හා සැපයුම් ජාල කළමනාකරණ අනු කමිටුව පෙරේදා (23 දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී

රැුස්වූහ. එම අනුකමිටුවේ සභාපතිත්වය රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් උසුලයි.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය හා ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති මහින්ද අමරවීර හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු මෙන්ම එම අනු කමිටුවේ නියෝජිතයෝ රැසක් ද සහභාගි වූහ.

කාබනික වගාව සඳහා හඳුන්වා දුන් ජෛව දියර පොහොර මෙන්ම අනෙකුත් පොහොර සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය ගිලිහී යෑම සම්බන්ධව හා ඉදිරි වගා කටයුතුවලදී කාබනික වගාවට ගොවි ජනතාව යොමු කරවා ගැනීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී සාකච්ඡුා කළේය. වගාවේ දී මූලික පොහොරක් සේ නොසළකන කොම්පෝස්ට් පොහොර හා ජෛව දියර පොහොර කාබනික පොහොර ලෙස වරදවා අවබෝධ කර ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් කාබනික වගාව සඳහා ගොවීන් පොළඹවා ගැනීම අසාර්ථක වීමට හේතු වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම කාබනික වගාවේ දී අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට සැපයීම මෙන්ම වී වගාවේ වල් මර්දනය හා කෘමි පාලනය සඳහා මෙතෙක් යොදා ගත හැකි විකල්පයක් හඳුන්වා දී නොමැතිවීමත් බරපතළ ගැටලූවකි. ගොවීන් වී වගා කළ ද ඒවාට බලපාන වල් මර්දනයට හා කෘමි මර්දනයට මෙතෙක් වැඩපිළිවෙළක් හඳුන්වා නොදීම නිසා ද ගොවි ජනතාව කාබනික වගාව කෙරෙහි ආකර්ශනය නොවීමට හේතුවක් බව පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම කාබනික වගාව එකවර මුළු රටේම ක‍්‍රියාත්මක නොකර අදියර කිහිපයක් යටතේ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත්තා නම් කාබනික වගා ප‍්‍රවේශය වඩාත් සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා ස`දහන් කළේය. කෙසේ වුවද කාබනික වගාව සඳහා රජය ගත් පියවර සෞඛ්‍යමය හා පාරිසරික වශයෙන් හොඳ තීරණයක් වුවද, කාබනික වගාව කෙරෙහි ගොවි ජනතාව තුළ වර්තමානයේ උද්ගතව ඇති කලකිරීම නිසා එම වගාව ඉදිරියේ දී ක‍්‍රියාත්මක කිරීම පහසු නොවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කමිටුවේ විශේෂඥයන් පෙන්වා දුන්නේ කාබනික වගාව සාර්ථක වීමට නම් ඝන පොහොර හා කාබනික පොහොර මෙන්ම ජෛව දියර පොහොර යන වර්ග තුනම නිවැරදිව භාවිතා කළ යුතු බවයි. නමුත් බොහෝ දෙනෙක් එක් රැස් කර තිබෙන කුණු කසළ ද පොහොර ලෙස සළකා තිබේ. කොම්පෝස්ට් පොහොර යනු මූලික පොහොරක් නොවේ. කාබනික වගාවේ දී මෙම වරදවා වටහා ගැනීම බරපතළ අත්වැරැද්දක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

එමෙන්ම ජෛව දියර පොහොර ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා දැනට ප‍්‍රමාණවත් තරම් රසායනාගාර පහසුකම් නොමැති නිසා එම පහසුකම් ශක්තිමත් කළ යුතු බව ද අවධාරණය විය.

කෙසේ වුවද පුළුල් දැනුවත් කිරීම් හා කාබනික වගාවට ගොවීන් නැවත පොළඹවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ඇරඹීමට අනු කමිටුව ඊයේ තීරණය කරනු ලැබීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment