‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් Huawei AppGallery වෙතින් ඩවුන්ලෝඞ් කර ගැනීමේ අවස්ථාව

55

සුප‍්‍රසිද්ධ Huawei සන්නාමයෙන් යුතු ජංගම දුරකතන භාවිතා කරන්නන්ට දැන් කොමර්ෂල් බැංකුවේ බහු නාලිකා බැංකුකරණ අයදුම වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ නොමිලේ Huawei AppGallery වෙතින් සෘජුවම ඩවුන්ලෝඞ් කරගත හැකිබව බැංකුව නිවේදනය කර තිබේ.

2020 වසරේදී කොමර්ෂල් බැංකුව හඳුන්වා දුන් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සමග සම්පූර්ණයෙන්ම අනුගත වන අතර ඉහළම සුරක්ෂිතතාවයක් ලබාදෙන ජාත්‍යන්තර ප‍්‍රමිතීන් වලින් සහ යහ ක‍්‍රමවේද වලින් සමන්විත වේග බැංකුවේ ඩිජිටල් පද්ධතිවල ජනප‍්‍රියතාවය ඉහළ යාමත් සමග ඒවා භාවිතා කරන පිරිස ඉතාමත් වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන නිසා බැංකුව විසින් එම පද්ධති අඛණ්ඩවම දියුණු කරමින් සිටී. මේ අනුව, ‘කොම්බෑන්ක් ඩිජිටල්’ ඇප් පහසුකම Huawei AppGallery වෙත ඇතුළත් කර එහි භාවිතය වැඩිකිරීමට බැංකුව කටයුතු කර ඇත. Huawei AppGallery වෙතින් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සෘජුවම ඩවුන්ලෝඞ් කර ගැනීමෙන් පසුව Huawei ජංගම දුරකතන හිමියන්ට ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ඕනෑම තැනක සිට සිදුකර ගැනීමේ අවස්ථාව හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment