කොමියුනිස්ට් සභාපති ධුරයෙන් රාජා කොල්ලූරේ නෙරපයි

366

කොමියුනිස්ට් පක්‍ෂ සභාපතිධුරයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතා ඉවත් කිරීමට ඊයේ (24දා) රැුස්වූ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

රාජා කොල්ලූරේ මහතා විසින් වැටුප් ගැටලූ මුල්කරගෙන වර්ජනයේ යෙදී සිටින ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධව මාධ්‍ය ඔස්සේ කළ ප‍්‍රකාශයක් පදනම් කරගෙන පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙසේ ඒ මහතාගේ පක්‍ෂ සභාපතිධුරය ඉවත් කිරීමට තීරණය කළ බව පක්‍ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.

අපේ පක්‍ෂය කීර්තිමත් ගුරු වෘත්තීය සංගම් නියෝජනය කරන පක්‍ෂයක්. පක්‍ෂ සභාපතිවරයාගේ මෙම ප‍්‍රකාශය නිසා අපගේ වෘත්තීය සමිති වලට සහ අප පක්‍ෂය නියෝජනය කරන ගුරුවරුන්ට අපහාසයක් වුණා. අප නියෝජනය කරන්නේ වැඩකරන ජනතාව. එම වැඩකරන ජනතාව සිය වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිදුකරන සටන් වලදී ඔවුන් මර්දනය කිරීමට අප පක්‍ෂයේ සභාපතිවරයා ආණ්ඩුකාරවරයෙක් ලෙස උත්සාහ කිරීම අනුමත කළ නොහැකියි. ඒ නිසා පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මධ්‍යම කාරක සභාව අනුමත කළා යැයිද ජී. වීරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment