කොමිෂන් සභාවලට අපක්ෂපාතී පුද්ගලයන් පත්කරන්න

103

පසුගියදා සම්මත කරගත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්වාධීන කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත්කිරීමේ දී සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ සිවිල් සමාජය ද බලවත් අවධානය යොමුකළ යුතු බව ද දේශපාලන පක්‍ෂවල අරමුණුවලට වඩා රටේ ඉදිරි යහපැවැත්මට අදාළ වන ලෙස කොමිෂන් සභා ක්‍රියාත්මක කළයුතු බව ද ජයසූරිය මහතා නිකුත් කර ඇති ප්‍රකාශයක දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment