කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත් කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව 9දා රැස්වෙයි

48

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 9 වැනිදා නැවතත් රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණන කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මානව හිමිකම් කොමිෂන් සභාව අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත කොමිෂන් සභා වේ.

මෙම කොමිෂන් සභාවල නව සාමාජිකයන් ලෙස පත්වීම සඳහා අයැදුම්පත් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ද, ඉන් අයැදුම්කරුවන් වැඩි පිරිසක් කොමිෂන් සභා කිහිපයකටම අයැදුම්කර ඇතැයි ද වාර්තා වේ. එම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment