කොරල් එනජි පළමු ගල්අඟුරු නැව නොරොච්චෝලේට

105

ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240 බැගින් වන කොරල් එනර්ජි සමාගමට අයත් පළමු ගල්අඟුරු නැව ඊයේ (22දා) නොරොච්චෝල බලාගාරයට පැමිණ ඇත. කොරල් එනර්ජි සමාගම යනු දැනට මෙරටට ඉන්ධන සපයන එක් සමාගමක් වේ.

මෙම සමාගම සමග එකඟවී ඇති ගිවිසුම් අනුව මෙටි්‍රක් ටොන් හැටදහස බැගින් ගල්අඟුරු නැව් 10ක් පමණ මිලදී ගැනීමට අපේක්‍ෂා කරන බවත් මේ ගෙන එන නැව්වලට මුදල් ගෙවීමට සිදුවන්නේ ජුනි මාසයේ සිට බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

2021 ටෙන්ඩරයට අනුව ගල්අඟුරු නැව් කිහිපයක් මේ වනවිට රටට ගෙන්වන අතර එහි මිල වන්නේ මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 160කි. නව කැඳවූ ටෙන්ඩරයට අනුව මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 240කට ගැනීමට සිදුව තිබේ. එහෙත් පැරණි සමාගමෙන් තවදුරටත් ගල්අඟුරු ගැනීමට සාකච්ඡා කර නැතැයි දැනගන්නට ඇත.

එළැඹෙන අප්‍රේල් මාසයේ වාරකන් කාලයට පෙර ගල්අඟුරු නැව් 30 ක් පමණ ගෙනඒමට අපේක්‍ෂා කරන බවත් ඊයේ (22දා) වනවිට නැව් 19 ක් පැමිණ 20 වැනි නැව පැමිණෙමින් තිබෙන බවත් සුමනසේකර මහතා කීය. මේ වනවිට ගල්අඟුරු සංචිත ප්‍රමාණවත් ලෙස ලැබෙන බවත් ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් වනතෙක් බලාගාරයේ යන්ත්‍ර තුන ක්‍රියාත්මක කළ හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment