කොරියාවේ බීටීඑස්ලාත් අනිවාර්ය හමුදා සේවයට

261

ලෝක ප්‍රකට බීටීඑස් සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක් වීමට සිදුව තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව එම සංගීත කණ්ඩායමේ වයසින් වැඩිම සාමාජිකයා වන විසි නව හැවිරිදි ‘ජින්‘ පළමුවෙන්ම හමුදා සේවයට එක්වීමට නියමිතව ඇති බවයි. එළඹෙන දෙසැම්බර් මාසයේදී තිස් වැනි විය සම්පූර්ණ ජින්ට මෙසේ හමුදා සේවයට එක්වීම හේතුවෙන් දෙවසරක කාලයක් සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටීමට සිදුවේ.

පළමු වරට ඉකුත් 2013 වසරේ දී සිය නිර්මාණ ඉදිරිපත් කළ බීටීඑස් සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ තරුණියන් අතරේ අතිශයින් ජනප්‍රියත්වයට පත් සංගීත කණ්ඩායමකි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment