කොරියා රැකියාවලට යැවීමේ ප්‍රමාදයක්

197

දකුණු කොරියාවේ රැකියා සඳහා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තෝරාගෙන ඇති සුදුසුකම් ලැබූවන් ඒ සඳහා පිටත්කර යැවීමේ ප්‍රමාදයක් පවතින බව තෝරාගත් රැකියා ලාභියෝ පවසති.

කොරියානු භාෂා විභාගය සමත්ව එම රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස හාරදහසක් පමණ බවත් ඉන් දහසක්වත් මේ වනවිට පිටත්කර යවා නැති බවත් ඔවුහු චෝදනා කරති. එක් මාසයකට සියයක්වත් පිරිස යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර නැතැයි පවසන මෙම රැකියා ලාභියෝ ඒ සඳහා කාර්යාංශය විවිධ හේතු දක්වන බවද පවසති. මෙම තත්ත්වය මත කොරියාවේ සමාගම් සමග ගිවිසගෙන තිබෙන රැකියා ගිවිසුම්වලට අනුව නියමිත කාලයට ශ්‍රී ලංකාවෙන් පිරිස යැවීමට නොහැකි වුවහොත් එම ගිවිසුම් අහෝසි වීමේ අවදානමක්ද පවතින බව මෙම රැකියා ලාභියෝ සඳහන් කරති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment