කොරෝනාවට එරෙහි සටන තවමත් අවසන් වී නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

123

ලොව පුරා රටවල් බොහොමයක් ශීඝ‍්‍රයෙන් පැතිර යන ‘‘ඔමික්‍රෝන්’’ කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ පැතිරීම තරමක් අඩාල වීම නිසා පනවා ඇති සීමාවන් ඉවත් කිරීම පිළිගත නොහැකි ක‍්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

තවමත් කොරෝනා වසංගතයට එරෙහිව ජයග‍්‍රහණය ප‍්‍රකාශ කිරීම හෝ වසංගතය පැතිරීම පාලනය කිරීමේ අදහස අත්හැරීම සිදු නොකළ යුතු ක‍්‍රියාවන් බව සෞඛ්‍ය සංවිධානය කියයි. බොහෝ රටවල් ‘‘ඔමික්‍රෝන්’’ වෛරස් ප‍්‍රභේදය මෙතෙක් බිහි වූ සෙසු කොරෝනා ප‍්‍රභේදයන්ට වඩා දරුණු නොවන ප‍්‍රභේදයක් සේ සැළකුවද ඉකුත් සතිවල ලොව පුරා බොහෝ කලාපවලින් විශාල ‘‘ඔමික්‍රෝන්’’ ආසාදිතයන් සංඛ්‍යාවක් මෙන්ම මරණ වාර්තා වීම කණස්සල්ලට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඩ්රෝස් අඩනම් ගෙබ්‍රේයේසුස් පවසයි. සති 10කට පමණ පෙර දකුණු අප‍්‍රිකාවෙන් ප‍්‍රථම වරට සොයා ගනු ලැබූ ‘‘ඔමික්‍රෝන්’’ ප‍්‍රභේදයට මේ සතිය වන විට මිලියන 90කට ආසන්න සංඛ්‍යාවක් ගොදුරුව තිබූ බවත් එම සංඛ්‍යාව 2020 වසරේ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බව වෛද්‍ය ගෙබ්‍රේයේසුස් සඳහන් කළේය. කොරෝනා වෛරසය තවදුරටත් පරිණාමය වෙමින් පැවතීම නිසා වෛරසය තවමත් භයානක තත්ත්වයේ පවතින බව ඔහු ‘‘ඒ එෆ් පී’’ පුවත් සේවයට පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment