කොරෝනාවට හොරෙන් දියත් වූ කෆීර් ඩීල් අත්හිටුවයි… හයිටි ජනපති ඝාතනය ගැන ශ‍්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

306

කොරෝනා වසංගතය මැද හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරීන් දෙදෙනෙක් මෙරටට පැමිණිය හ. ඉන් එක් අයකුට වීසා බලපත් ලබා ගැනීමට නිර්දේශ කර තිබුණේ අධිකරණ අමාත්‍යාංශය යි. එහෙත් විදේශීකයන්ට වීසා නිර්දේශ කිරීමට අධිකරණ අමාත්‍යාංශයට බලයක් නැත. එම ඇමෙරිකානුවාට අමතරව මියන්මාරයේ සිට මාර්ක් බිර්බෝන් නමින් හඳුන්වන තවත් ඇමෙරිකානුවකුද මෙරටට සම්ප‍්‍රාප්ත විය.


 araksha
 
 * ශ‍්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු හමුදා නිලධාරියකු ගැන පරීක්‍ෂණ
 
කොරෝනා වසංගතය මැද හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරීන් දෙදෙනෙක් මෙරටට පැමිණිය හ. ඉන් එක් අයකුට වීසා බලපත් ලබා ගැනීමට නිර්දේශ කර තිබුණේ අධිකරණ අමාත්‍යාංශය යි. එහෙත් විදේශීකයන්ට වීසා නිර්දේශ කිරීමට අධිකරණ අමාත්‍යාංශයට බලයක් නැත. එම ඇමෙරිකානුවාට අමතරව මියන්මාරයේ සිට මාර්ක් බිර්බෝන් නමින් හඳුන්වන තවත් ඇමෙරිකානුවකුද මෙරටට සම්ප‍්‍රාප්ත විය. මොහුට කටුනායකදී සංචාරක වීසා බලපත‍්‍රයක් ලබාගැනීමට හැකිවිය. මියන්මාරයේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදු වීමෙන් පසු මොහු මෙරටට ආවේ කුමකටදැයි කටුනායක ගුවන් තොටුපළේ රහස් පොලිස් ඒකකය ද විමසුවේ නැත. එවන් පසුබිමක් මැද මාර්ක් බිර්බෝන් හැව්ලොක් ටවුම්ට හැට්ලොක් රෙසිඩන්සි සිට වැඩ පටන් ගන්නේය.
 
මොහු තම අභිරහස් කටයුතු ආරම්භ කළේ යූ. යූ. එස්. ඒඞ්. නැමැති සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ ආයතනයේ ව්‍යාපෘතියකය. මේ ව්‍යාපෘතියේ කටයුතු බුද්්ධි අංශවලට හෙළි වුයේ නැති අතර ඒ ගැන විමර්ශනයක්ද පැවැත් වූයේ නැත. එහෙත් සී. අයි. ඒ. රහස් සැලසුම් ගැන මනා අවබෝධයක් ඇති රාජ්‍ය ප‍්‍රධානියෙක් මාර්ක් ගැන නිරීක්‍ෂණයේ යෙදුණි. එහි ප‍්‍රතිඵලය වූයේ ආගමන විගමන බලධාරීන් මාක්ව කැඳවා ප‍්‍රශ්න කිරීමයි.
 
 මෙම ප‍්‍රශ්න කිරීමේන් පසු තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර මාර්ක් බිර්බෝන් රහසේම කටුනායකින් රුමේනියාව බලා පැන ගියේය. ඔහු පැන යෑමෙන් පසු ආගමන විගමන බලධාරීහු ඔහුට අදාළ වාර්තාව ප‍්‍රකාශයට පත් කළේය. ඒ මාර්ක් බිර්බෝන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් නාම ලේඛනයට හෙවත් බ්ලැක් ලිස්ට් ලේඛනයට ඇතුළු කිරීමයි. මාර්ක් බිර්බෝර්න් පැන යෑමත් සම`ග අනික් ඇමෙරිකානුවා ගැන පරීක්‍ෂණ ආරම්භ වූයේ රාජ්‍ය නිලධාරියකුගේ පැමිණිල්ල මතය. පසුගිය දිනෙක ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධව කාර්යාලයකට පැමිණි රහස් පොලිස් නිලධාරීහු එම ඇමෙරිකානුවා ගැන තොරතුරු ලබාගත්හ. ස්කෝර්, ෆ්ලෝබල් කමියුනිටිස් නම් වූ ව්‍යාපෘතීනවල සේවය කරන මේ ඇමෙරිකානුවා ගැන සැක පහළ වූයේ සතියට පෙර පැනගිය මාර්ක් බිර්බෝර්න් නිසාය. ඔහු සී. අයි. ඒ. ඔත්තුකරුවකු බවට තොරතුරු වාර්තා වී තිබේ.
 
 මෙම තත්ත්වය මත ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරියා හමුදා බුද්ධි බලධාරීන්ට අනතුරු අගවමින් හයිටි ජනපති මොයිසේ ඝාතනය පසුබිම සහ ඊට සම්බන්ධ ඇමෙරිකානුවා රාජ්‍ය නොවන සංවිධානයක ප‍්‍රධානියකු බවත් හෙළි කළේය. ජෙම්ස් සොලෝජස් නැමැති මේ ඇමෙරිකානුවා ජැක්මල් අවන් නැමැති විදේශ රාජ්‍ය නොවන සංවිධානයක ප‍්‍රධානියායි. හයිටි ජනතාවට උදව් කිරීමේ අරමුණින් යැයි දක්වමින් ඔහු එම සංවිධානය ආරම්භ කර තිබුණි.
 
 මෙම සංවිධානය ගැන හයිටි පොලිසියේ අවධානය යොමු වී නොතිබිණි. එය ශ‍්‍රී ලංකාවේ රහස් පොලිසියට සමාන ක‍්‍රියාවකි. හයිටි ජනපති ඝාතනයෙන් පසු සොලෝජස්ගේ ඝාතන මෙහෙයුම හෙළි විය. ඔහු ඇමෙරිකානු ඞී. ඊ ඒ මත්ද්‍රව්‍ය නාශක ඒජන්සියේ ප‍්‍රධාන ඔත්තුකරුවකු ලෙසද ක‍්‍රියා කරනු ලැබීය. මේ ඞී. ඊ. ඒ ඒජන්තවරුන් මෙරටටද පැමිණ සිටි බව අනාවරණය විය. එහෙත් රාජ්‍ය බුද්ධි සේවාව හෝ හමුදා බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවට පැමිණ සිටි ඇමෙරිකානු ඞී. ඊ. ඒ. ඒජන්තවරු ගැන අවධානය යොමු කළේ නැත.
 
 ජේම්ස් සොලෝජ්ස් කොළොම්බියානු ත‍්‍රස්තමර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියකු ඇතුළු හිටපු කොළොම්බියානු හමුදා භටයන් 26 කගේ සහයෙන් හයිටි ජනපති ඝාතනය දියත් කරනු ලැබීය. ඝාතනය සිදු වීමෙන් පසු සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වුයේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා සිට ක‍්‍රියාත්මක වූ එකී රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානියා වූ සොලෝජස් ඝාතන මෙහෙයුම දියත් කළ බවයි.
 
හයිටි ජනපති ඝාතනයේ පරීක්‍ෂණ අවසන්වීමට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම ඝාතනයට ඇමෙරිකාව සම්බන්ධ නැතැයි කියා සිටියේය.
 
 මෙවන් පසුබිමක් මැද ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ ප‍්‍රධානියා රජයේ බලධාරින්ට අනතුරු අගවමින් හයිටි සිද්ධිය ගැන ශ‍්‍රී ලංකාව දැඩි ලෙස අවධානයෙන් සිටිය යුතු බව පළ කළේ්ය. ඔහු මේ ගැන හමුදා බුද්ධි බලධාරින්ටද අනතුරු අගවනු ලැබීය. ඊට හේතුවක් වුයේ ශ‍්‍රී ලංකාවේ ජනපතිවරයාද සතුරු පාර්ශ්ව කීපයකගේ ඉලක්කය වීම නිසාය.
 
 මේ සතුරු පාර්ශ්ව කවුද?
 
 ඒ ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානය, ඉන්දීය රෝ සංවිධානය, කොටි ඩයස්පෝරාව, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානයකන් වේ.
 
 මේ ආයතනවලට ශ‍්‍රී ලංකාවේ පාලනය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඇත. හයිටි රාජ්‍යයේ සිදු වුයේද එයයි. එසේම ඇදහිය නොහැකි මුදල් සම්භාරයක් කොටි ඩයස්පෝරාව සතුව ඇත. මෙම කොටි ඩයස්පෝරාවට ශ‍්‍රීලංකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මැනවින් පුහුණුව ලත් කුලී සේවාවන් පිරිසක් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් නොවේ.
 
 ඇමෙරිකානු විශේෂ බළකායේ පුහුණුව ලත් විදෙස් කුලී හේවායන් බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ වාසය කරති.
 
araksha3රජය මිනීමරු කොටි ත‍්‍රස්තයන් 17 ක් මුදාහැර ඇතත් කොටි ඩයස්පෝරාව පළිගැනීමේ අරමුණින් ක‍්‍රියාත්මක වේ. එහෙත් රජය ඒ බව අවබෝධ කරගෙන නැත. ජිනීවා නුවර පැවැත්වුණු ශ‍්‍රී ලංකා විරෝධී කොටි කරන ප‍්‍රකාශවලින් එය තහවුරුවේ. බෝම්බ පිපිරීම්, මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම් සහ වෙනත් ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ හිටපු කොටි ත‍්‍රස්තයන් 12000 ක් උතුරේ සිටිති. මොවුන්් අවස්ථාව පැමිණෙන තුරු බලා සිටී. එසේම සැඟවූ අවි ආයුධ විශාල සංඛ්‍යාවක් උතුරේ ඇත. විටින්විට එම අවි ආයුධ හමුවේ.
 
 මෙම පසුබිම මැද හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරීන් සංචාරක වීසා මත ශ‍්‍රී ලංකාවට එන්නේ නම් කුලී හේවායන්ට මෙරටට ඇතුළු වීම නොහැකි යැයි කිව හැකිද?
 
 මේ අතර කොටි ඩයස්පෝරාව විදේශ රටවල සිටින සිංහල දේශපේ‍්‍රමීන්ට එරෙහිව මෙහෙයුමක් දියත් කරනු ලැබීය. ඒ සඳහා ඔවුන් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරීනි යස්මින් සුකා යොදා ගෙන ඇත. කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය යන රටවල සිටින ශ‍්‍රී ලාංකිකයන් නිහඬ කිරීමේ අරමුණින් දියත් කළ මේ මෙහෙයුම ප්ලෑන් -1 හෙවත් සැලසුම් 01 යැයි නම් කර ඇත. පසුගිය කාලය මුළුල්ලේ බි‍්‍රතාන්‍යයේ සිටින ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් කණ්ඩායම නේස්බි සාමි එලවා හිටපු බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි ලබාගෙන එම රහස් ලියවිලි ප‍්‍රකාශයට පත් කිරීම නිසා කොටි ඩයස්පෝරාව බලවත්සේ කෝපයට පත් වූහ.
 
 මේ රහස් ලියවිලි යහපාලන ද්‍රෝහි රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේ නැත. ලන්ඩන් නුවර කොටි ඩයස්පෝරාව එම රහස් ලියවිලි ප‍්‍රකාශයට පත් කිරීම ගැන නේස්බි සාමිවරායට ද 32 වරක් තර්ජනය කරනු ලැබීය.
 
 නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍යය රජයෙන් ලබාගත් එම රහස් ලියවිලිවල සඳහන් වුයේ මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 6000 ක් 7000 ක් අතර බවයි. එම රහස් ලියවිලි බි‍්‍රතාන්‍යය දේශපාලකයන් වෙත ඉදිරිපත් කිරීමට ලන්ඩන් ඉනිෂියේටිව් යන ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ බි‍්‍රතාන්‍ය ප‍්‍රධානි ජෙයරාජ් පලිහවඩන ඇතුළු නිලධාරීන් ක‍්‍රියා කරනු ලැබීය. එසේම ලන්ඩන් ඉනිෂියේටිව් සංවිධානය මෑතකදී කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්ත රජය සම්මත කළ ද්‍රවිඩ සමූල ඝාතන පනත සම්මත වීම ගැන නීතිපතිට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබීය. මේ නිසා කෝපයට පත්වූ බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව යස්මින් සුකා ලවා ජෙයරාජ් පලිහවඩනට එරෙහිව නඩුවක් ගොනුකර ඔහුගේ සියලූ කොටි විරෝධී කටයුතු නතර කරනු ලැබීය. මෙරට මාධ්‍ය මේ නඩු පැවරීම හෙළි නොකළ අතර ආරක්‍ෂක විශේෂාංගය විසින් පමණක් එය හෙළි දරව් කළේය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙරට හමුදා නිලධාරීන් 28 කට එරෙහිව චෝදනා අස්කරගෙන නැති අතර ශ‍්‍රී ලංකා රජය මීළ`ග කොටි මිනීමරුවන් කණ්ඩායම නිදහස් කළ යුතුද?
 
 මේ අතර කොරෝනා වසංගතය මැද ඩොලර් මිලියන 50 ක් වැය කර ගුවන් හමුදාවේ කෆීර් ප‍්‍රහාරක යානා පහක් නවීකරණය කිරීම සඳහා ගුවන් හමුදා බලධාරීන් ඊශ‍්‍රායලයේ ඒරොස්පේස් ඉන්ඩ‍්‍රස්ටි‍්‍රස් සමාගම සම`ග ගිවිසුමක් අත්සන් කිරීමට ක‍්‍රියා කරනු ලැබීය. මෙම ගිවිසුමට නවීනතම රේඩාර් සෙන්සර්, පණිවිඩ පද්ධති සවිකිරීම සහ හිස්වැසුම් ලබාදීමත් ඇතුළත් විය. මේ අනුව කෆීර් නවීකරණය සඳහා වූ තාක්‍ෂණය ලබාදීමටද එම කටයුතු කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදු කිරීමටත් කටයුතු කරන බව ඊශ‍්‍රායල් සමාගම කියා සිටියේය. මෙලෙස කෆීර් ප‍්‍රහාරක යානා නවීකරණය කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරගත් ඊශ‍්‍රායල් අයි. ඒ. අයි සමාගම තවදුරටත් සඳහන් කළේ අප සියලූම අමතර කොටස් සහ පණිවුඩ පද්ධති සවිකරන බවයි. එහෙත් පුදුමාකාර දෙයක් හොර රහසේම ක‍්‍රියාත්මක විය.
 
 araksha4ඒ කෆීර් යානා සඳහා අමතර කොටස් පණිවුඩ පද්ධති සහ ඇන්ටනා මිලයට ගැනීමට ගුවන් හමුදාව ටෙන්ඩර් කැඳවීමයි. ඊශ‍්‍රායල් අයි. ඒ. අයි. සමාගම කෆීර් සඳහා සියලූම නවීකරණය කටයුතු කරන බව ප‍්‍රකාශ කර තිබියදී අමතර කොටස් සහ පණිවුඩ පද්ධති මිලයට ගැනීමට ටෙන්ඩර් කැඳවූයේ මන්ද?
 
 මෙම ටෙන්ඩර් කැඳවීම ජුලි 17 දා දිවයින මුල් පිටුවෙන් අපි විශේෂයෙන් අනාවරණය කළෙමු. එම ටෙන්ඩර් පුවත අපට වාර්තාවී ඇති බව පසුගිය සිකුරාදා දවල් ගුවන් හමුදා බලධාරින්ට වාර්තා විය. මේ නිසා දැයි කලබලයට පත් වූ ගුවන් හමුදා බලධාරීහු කෆීර් යානා සඳහා පණිවුඩ පද්ධති මිලයට ගැනීමට ප‍්‍රකාශයට පත් වූ AHQ/20Fs/AVN/1100 ටෙන්ඩරය ද AHQ/20/Fs/AVN/1063 ටෙන්ඩරයද අමතර කොටස් මිලයට ගැනීම් AHQ/20/Fs/AVN/ 1100 ටෙන්ඩරය ද වහාම අවලංගු කරනු ලැබීය. එහෙත් කෆීර් යානා සඳහා වූ AHQ/20/Fs/AVN/1011 ටෙන්ඩරය අවලංගු කර නැත. අමතර කොටස් ලබා ගැනීම සඳහා වූ මෙම ටෙන්ඩරය සඳහා අයදුම් කිරීමේ කාලය අගෝස්තු 09 අවසන් වේ. මේ ටෙන්ඩර් කැඳවුම් සිදුකර ඇත්තේ විදේශීය අයදුම්කරුවන්ගෙනි. කෆීර් යානා නවීකරණය සඳහා වූ AHQ/20/Fs/ AVN/ 1057 ටෙන්ඩරය ජුනි 14 දිනදා ද සන්නිවේදන පද්ධති මිලයට ගැනීමේ ටෙන්ඩරය ජුලි 07 දා AHQ/20/Fs/AVN/1049 ටෙන්ඩරය මැයි 25 දිනද ඇන්ටෙනා මිලයට ගැනීමේග AHQ/20/Fs/AVN/1053 ටෙන්ඩරය ජුලි 11 දා ප‍්‍රකාශයට පත් වී තිබුණි. එහෙත් ජුලි 16 දා අවලංගු කර ඇත්තේ 1100-1100 සහ 1011 නැමැති ටෙන්ඩරවේ. හැකිනම් අප හෙළිකරන තොරතුරු බොරු බවට ප‍්‍රකාශ කරන ලෙස ගුවන්හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූෂාන් විජේසිංහ නැමැත්තාට අපි අභියෝග කරන්නෙමු.
 
 වන්නි මෙහෙයුම ගැනවත් චෙක් රාජ්‍යයේ ස්ලින් යානා බංගලදේශය හරහා කොටි ත‍්‍රස්තවාදීන් අතට පත්වීම පිළිබඳ නොදන්නා එම ගුවන් හමුදා නිලධාරියා සිතන්නේ ආධුනික මාධ්‍ය පාර්ශ්ව මෙන් අපව ද රැවටිය හැකියි කියාද?
 
 ඊශ‍්‍රායල් සමාගම අමතර කොටස් සහ පණිවුඩ පද්ධති කෆීර් ප‍්‍රහාරක යානාවලට සවි කරන බව කියද්දී අමතර කොටස් සහ අනිකුත් උපාංග මිලයට ගැනීමට කටයුතු කිරීම රහසි ගත මෙහෙයුමක් බව තහවුරුවේ. මේ කෆීර් ප‍්‍රහාරක යානා මෙයට පෙර මිලයට ගනු ලැබුවේ සුමි ජෝශප් නැමැති ඒජන්තවරයකු හරහායි. එසේම අමතර කොටස් මිලයට ගැනීමේ කොන්ත‍්‍රාත්තු අවලංගු කිරීමට ජුලි 16 වනතුරු සිටියේ මන්ද? මීට අදාළ ලියකියවිලි අප සතුව ඇත. ගුවන් හමුදාවේ මේ අභිරහස් ක‍්‍රියා මාර්ග මෝටර් රියක් සර්විස් කිරීම සඳහා සමාගමක වෙත දීමේදී අයිතිකරු තෙල් සහ ෆිල්ටර් වෙනම මිලයට ගැනීමට සමානය. මේ හැර මෙරට විදේශ සංචිත පහත වැටී තිබියදී කෆීර් යානා සඳහා ටෙන්ඩර් කැඳවීමේ සිදධිය වසන් වී තිබුණි.
 
 ටෙන්ඩර් 4 ක් අවලංගු කර ජුලි 16 දා අමතර කොටස් මිලයට ගැනීමේ අලූත් ටෙන්ඩරයක් ප‍්‍රකාශයට පත් කිරීමද විශ්මය ජනක ක‍්‍රියාමකි. මින් තහවුරු වන්නේ කොරෝනා වසංගතය මැද ගුවන් හමුදාවට තුළ සිදුවන ගනුදෙනු ද සැක සහිත තත්ත්වයි. මෙලෙස හදිසියේ අවලංගු කළ ටෙන්ඩරවලින් එක් ටෙන්ඩරයක් නිකුත් කර තිබුණේ මැයි මාසයේ දිනෙකය. අප මේ ගැන විමර්ශනය කරනවිට වාර්තා වුයේ මෙම ටෙන්ඩර් කැඳවීම ගුවන් හමුදා බලධාරීන් නොදැන සිටි බවට ප‍්‍රකාශ වන බවයි.

araksha2
advertistmentadvertistment
advertistmentadvertistment