කොරෝනාවත් සමග ඇමරිකාවේ තරබාරු බව වැඩිවේ

197

ඇමරිකාවේ එක්සත් ජනපදයේ පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් එරට ජනතාව අතර තරබාරු බව ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වී තිබේ. මේ වන විට ඇමරිකාවේ ප‍්‍රාන්ත 16ක තරබාරු බවින් පෙළෙන ජනගහණය එම ප‍්‍රාන්තවල ජනගහණයෙන් සියයට 35 ක් ඉක්මවා ඇති බව වෛද්‍ය අංශ පවසති.

අදාළ ප‍්‍රාන්තවල තරබාරුබවට වැඩි වශයෙන් ගොදුරු වෙමින් පවතිනුයේ වැඩිහිටියන් බව අනාවරණය වී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකානුවන්ගේ ආහාර පුරුදු වෙනස් වීමත් ඒ සමගම හටගෙන ඇති මානසික ආතතිය මත ව්‍යායාමයේ යෙදීම අසීරු වීම තරබාරු බව ඉහළ යාමට හේතු වී ඇති බව හෙළි වී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment