කොරෝනාවලට ප‍්‍රතිකාර කරන්න අවස්ථාවක් දෙන්නැයි පාරම්පරික වෛද්‍යවරයෙක් අනුරාධපුරයේ උපවාසයක

157

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ආයුර්වේද පාරම්පරික වෛද්‍ය වරයෙක් අනුරාධපුර දී උපවාසයක් ආරම්භ කර ඇත.

 මෙම දරුණු වෛරසය පරාජය කිරීමට තමන් නිපදවූ ඖෂධය රෝගීන්ට ලබාදී සියලූ දෙනා සුවපත් කළ හැකි බව ඔහු පවසයි. පෙරේදා (25 දා* දහවල් අනුරාධපුර මෛත‍්‍රිපාල සේනානායක උද්‍යානය ඉදිරිපිට වටරවුමේදී උපවාසයක නිරත වූ මෙම වෛද්‍යවරයා අනුරාධපුර නගර සභා නිවාසවල පදිංචිව සිටින පාරම්පරික වෛද්‍ය හේවාගමගේ නිහාල් සිසිර කුමාර නමැති අයෙකි. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ එම වෛද්‍යවරයා මෙසේද පැවසීය. ‘‘පවතින කොරෝනා තත්ත්වයට පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට සාර්ථක විසඳුමක් මට ලබා දෙන්න පුළුවන්. මේ සඳහා මම 2020 ඉඳලා උනන්දු වුණා. ලංකාවට ඒ වනවිටත් මේ කොරෝනා වසංගතය ඇවිල්ලා නැහැ. රෝගීන් කීපදෙනකුට අපි ප‍්‍රතිකාර සිදුකළා. ඔවුන් සුවපත්ව තිබෙනවා. ඒ සඳහා ඖෂධ මා ළඟ තිබෙනවා. ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද පැවසීය.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment