කොරෝනාවලින් නම් යන්තම් ගැලවුණා… මේපාර සාගතෙන් නම් බේරෙනවා බොරු!

167

මහ කන්නයට අවශ්‍ය බෙහෙත් පොහොර වහාම ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයක් පෙරේදා (11දා) හවස 2.45 ට පදියතලාව හෝලිකේ ඒ.එම්. ගුණසේකර මහතාගේ වෙල් යායේදී පැවැත්විනි.

පදියතලාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් ගොවි සමිති වල ගොවි නියෝජිතයින් හතළිස් දෙනෙකු පමණ මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. කළු කොඩි හා විරෝධතා පුවරු රැුගෙන වෙල් යායට පැමිණි ගොවි-ගෙවිලියන් පිරිස විනාඩි විස්සකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ. අනතුරුව පැමිණ සිටි මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින්. ‘‘මේ ආණ්ඩුව කියපු දේවල්වලට අපි රැවටුනා. දැන් තමයි අපිට තේරෙන්නේ, පාලකයෝ අපිට වහසි බස් දොඩලා අපිව රැවට්ටුවා කියලා. දැන් දෙනවා කියපු පොහොරත් නෑ. කොරෝනාවලින් නම් යන්තම් ගැලවුනා. මේ පාර සාගතෙන් නම් බේරෙනවා බොරු. අපි බඩගින්නේ මැරිල යාවී.’’

කොරෝනාවලින් නම් යන්තම් ගැලවුණා... මේපාර සාගතෙන් නම්  බේරෙනවා බොරු!

ආර්. එන්. ගුණපාල මහතා – තලාපිටඔය ගොවි සංවිධානය

‘‘අපි කාගෙන්වත් නිකන් කාපු ජාතියක් නෙවෙයි. මහ කන්නයට අවශ්‍ය බෙහෙත් පොහොර ටික ලබා දෙන්න. ගොවියෝ සල්ලි දීලා ගන්නවා. අපි කාබනික පොහොරවලට කැමතියි. ඒත් මේ හදිස්සියේ එහෙම පොහොර හදන්න පුළුවන්ද? හදිසි නීතිය, කොරෝනා නීති දාලා ගොවින්ගේ විරෝධතා මඩින්න ආණ්ඩුව හිතනවා නම් ඒක මුලාවක්. ලබන මාස් කන්නෙට පොහොර බෙහෙත් ටික නැති වෙනකොට ගොවියෝ බාධක කඩා ගෙන පාරට බහිනවා.’’

එච්.එම්. සුරවීර මහතා- හෝලිකේ ගොවි සංවිධානය

‘‘හෙට දවසෙ දකුණු බින්තැන්න විතරක් නොවේ මුළු දිගාමඩුල්ලම වීදි බහිනවා. මුළු රටේම ගොවි ජනතාව එකතු වෙලා මේ තක්කඩි පාර්ලිමේන්තුව වටලනවා. අවුරුදු හැත්තෑ තුනක් තට්ටුමාරුවට මේ දෙගොල්ලම ගොවි ජනතාව රැවටුවා.ජනතාවට පටි තද කර ගන්න කියලා උන්ගේ වරප‍්‍රසාද අඩුවක් නැතුව ගන්නවා.

ඒ.එම්. ගුණසේකර මහතා – ගොවි මහතෙක්

‘‘මට දැන් අවුරුදු හැත්තෑ නවයයි. මම උපදෙස් දෙන්නම් ගොවිතැන් කරන්නේ මෙහෙමයි කියලා. වීදුරු කාමරවල ඉදන් ගන්න තීරණ මේබිමේ ක‍්‍රියාත්මක කරන්න බෑ.

කෘෂිකර්ම ඇමැතිට මම උගන්වන්නම් කොහොමද ගොවිතැන් කරන්නේ කියලා. කාබනික පොහොර වලට අපි කැමතියි. ඒත් මෙහෙම හදිසියට ඒ වැඩ කරන්න පුළුවන්ද?

වසන්ත පියතිස්ස මහතා – කැඳවුම්කරු අම්පාර දිස්ත‍්‍රික් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය
පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment