කොරෝනාවෙන් අපවත් වූ භික්‍ෂූන් වහන්සේ ඇතුළු සැමට පිං පතා පිංකමක්

97

කොවිඞ්-19 රෝගය හේතුවෙන් අපවත්වී වදාළ භික්‍ෂූන් වහන්සේලා 80 නමකට අධික සංඛ්‍යාවකට හා ජාති ආගම් භේදයකින් තොරව කොරෝනා වැළඳී ජීවිතය අහිමිවූ සියලූ දෙනාට පිං පැමිණවීම සඳහා අසූනමකට අධික මහා සඟරුවන සඳහා වූ දානමය පිංකමක් ඊයේ හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවැත්විණ.

කොරෝනාවෙන් අපවත් වූ භික්‍ෂූන් වහන්සේ ඇතුළු සැමට පිං පතා පිංකමක්



 ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන්ගේ මඟ පෙන්වීම මත විහාරයේ දායක දායිකාවන් එක්ව සංවිධානය කළ මෙම මහා සංඝගත දක්‍ෂිණාව සඳහා රාජගිරිය ගෝතම තපෝවනය ඇතුළු තපෝවන සේනසුන්හි අධිපති ශී‍්‍ර කල්‍යාණවංශ පාර්ශ්වයේ මහා නායක දොඩම්පහළ චන්ද්‍රසිරි, මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙල්ලන්විල ධම්මරතන යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේලා අසූනමකට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. වැඩමවා වදාළ මහා සංඝයා වහන්සේලාට දානය පිළිගන්වන අයුරු ඡුායාරූපයේ වෙයි.

 ඡුායා – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment