කොරෝනාවෙන් මිය යන ජපන් වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ඉහළට

199

කොරෝනා වෛරසයට එරෙහිව පවතින අඩු ප්‍රතිශක්තිකරණය හා වැඩිහිටි ජනතාවගේ දුර්වලකම වර්ධනය වීම යන සාධක හේතුවෙන් ජපානයේ වැඩිහිටි ජනතාව විශාල වශයෙන් කොරෝනා වෛරසයට ගොදුරුව මිය යමින් සිටින බව වාර්තා වේ. කොරෝනා වසංගතය ඇරඹි සමයේදී ක්‍රියාත්මක කළ දැඩි සීමා කිරීම් හා අගුලු දැමීම් හේතුවෙන් 2020 වසරේ සිට 2022 දක්වා ජපානය ලොව අඩුම කොරෝනා මරණ වාර්තා වූ රටක් ලෙස පිළිගැනුන අතර ඉකුත් දෙසැම්බර් මාසයේ සිට එම තත්ත්වය වෙනස් වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ කොරෝනා දත්ත වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව ඉකුත් ජනවාරි මස 20 වැනිදා වන විට ජපානයෙන් වාර්තා වී තිබූ කොරෝනා මරණ සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය හා දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව අභිබවමින් ඉහළ ගොස් තිබූ බව සඳහන් කර තිබේ. ජපානය ලොව සෙසු රටවලට සාපේක්ෂව පනවා තිබූ කොරෝනා මර්දන නීති රීති හා සීමා කිරීම පසුගිය කාලයේ ලිහිල් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ප්‍රතිශක්තිකරණයක් සහිත වැඩිහිටි ජනතාව බොහොමයක් කොරෝනා ආසාදනයේ ප්‍රතිඵලයක් වන නියුමෝනියා රෝගයට ගොදුරු වී මිය යෑම ඉහළ ගොස් ඇති බව ජපන් සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. ලොව වැඩිම ආයු අපේක්ෂාවක් ඇති රටක් වන ජපානයේ වයස්ගත වූවන් වැඩි පිරිසක් සිටින බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment