කොරෝනාවෙන් සුනඛයන් අහිමිවූ යුවළක් බලු පැටවුන් 15 ක් මිලදී ගනිති

229

කොරෝනා ආසාදනය වැළඳීම හේතුවෙන් සිය සුනඛයන් 12 දෙනකු බලධාරීන් විසින් මරා දැමීම සම්බන්ධයෙන් කම්පාවට පත්ව සිටි වියට්නාම් යුවළක් ඔවුනට සිදු වූ විපත අසා සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු මුදල්වලින් මරණයට කැප වී සිටි බලූ පැටවුන් 15 දෙනකු හදා වඩා ගැනීම සඳහා මිලදී ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝබර් මාසයේ යතුරුපැදියක සිය සුනඛයන් 12 දෙනා දමාගත් පාම් මින් හුන් හා ඔහුගේ බිරිය වන නිගුයෙන් තී චි එම් කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් තිබූ ඔවුන් වාසය කළ ලෝන්ග් අන් පළාතේ සිට සිය ඥාතීන් වෙසෙන කා මවු පළාත වෙත යමින් සිටියදී ඔවුන් කොරෝනා ආසාදිතයන් බව පරීක්ෂණවලදී තහවුරු වී තිබූ අතර මේ හේතුවෙන් ඔවුන්ව රෝහල්ගත කර සුනඛයන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වුවද කොරෝනා ආසාදනයට ගොදුරු වී සිටි සුනඛයන් ඔවුන්ගේ හිමිකරුවන්ගේ අවසරයකින් තොරව මරා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබූ අතර එම පුවත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය වීමෙන් පසු එම යුවළට දස දෙසින් ආධාර ගලා ඒමට පටන් ගෙන තිබිණි. පරිත්‍යාගශීලීන්ගෙන් තමාට ඇමෙරිකානු ඩොලර් 5300 ක් (වියට්නාම් ඩොන්ග් මිලියන 120ක්) පරිත්‍යාග ලෙස ලැබුණු බව පවසා ඇති පාම් එම මුදලින් බලූ පැටවුන් 15ක් මරණයෙන් මුදා ගෙන හදා වඩා ගැනීම සඳහා මිලදී ගත් බව පවසයි. එසේ මිලදී ගත් ඇතැම් බලූ පැටවුන් මස් කඩයට ගෙන යමින් සිටි අය බව ඔහු මාධ්‍යයට පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment