කොරෝනාව යට කරගෙන මිනිසත්කම දෝරගලයි – ගොරකානේ සහස‍්‍රවිජිතගේ අති උතුම් මෙහෙවර රටකට වාසනාවක්

1569

කොවිඞ් ආසාදිත රෝගීන් නොමිලේම තම ජීප් රථයෙන් රෝහල සහ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කර උදාරතර කටයුත්තක නිරත වන පුද්ගලයකු පිළිබඳ පුවතක් පානදුර ගොරකාන ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

කොරෝනාව යට කරගෙන මිනිසත්කම දෝරගලයි - ගොරකානේ සහස‍්‍රවිජිතගේ අති උතුම් මෙහෙවර  රටකට වාසනාවක්

60 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන සහස‍්‍රවිජිත නම් ඔහු දැනට දින හතරක් තිස්සේ මෙම කටයුත්තට උරදෙමින් දිවි පරදුවට තබා තම සේවාව අසරණ කොවිඞ් රෝගීන් වෙත ලබා දෙයි.

දිනයක් වේලාවක් නොමැතිව දිවා රාත‍්‍රී ලැබෙන දුරකථන ඇමතුම් වලට පැය 24 පුරා සිය සේවාවන් සැපයීමට ඔහු සූදානම් සිටී.

කොරෝනාව යට කරගෙන මිනිසත්කම දෝරගලයි - ගොරකානේ සහස‍්‍රවිජිතගේ අති උතුම් මෙහෙවර  රටකට වාසනාවක්

ඔහුගේ බිරිඳ වන කුමාරි විජිතා මහත්මිය ද ඔහුට ලබාදෙන දායකත්වය අතිමහත්ය.

කොවිඞ් වසංගතය හමුවේ බියෙන් තම නිවෙස්වලට වී ආරක්ෂා වීමට බොහොමයක් පිරිස වෙර දරන යුගයක සහස‍්‍රවිජිත මහතා ලබාදෙන සේවය රටටම ආදර්ශයකි.

පානදුර දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment