කොරෝනා අස්සේ සිතුල්පව්වටත් ගේමක් දීලා… මංගල මහා සෑයේ ගර්භය කඩලා නිධන් අරන්…

279

පළමුව දැක්කෙ හමුදා සෙබළෙක්

තිස්සමහාරාමය, දෙබරවැව ප‍්‍රදේශයේ පදිංචි රුවන් වයස අවුරුදු තිස් අටක තරුණයෙකි. හරිහමන් අධ්‍යාපනයක් නොලද මොහුට ස්ථිර රැකියාවක් ද නොතිබුණි. ඒ අනුව මොහු ජීවත්වීම සඳහා නොයෙක් දෑ සිදු කළේය. එහෙත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත.

අවසානයේ මොහු ජීවත්වීම සඳහා නිධන් හැරීමට තීරණය කළේය. ඒ තවත් සගයන් සිව්දෙනකු සමගින්ය. මොහු එම කල්ලියේ නායකයා විය. එම නිසා ‘දෙබරවැව රුවන්’ යන නාමයෙන් අනෙක් සගයෝ මොහුව ආමන්ත‍්‍රණය කළහ.

දිනක් දෙබරවැව රුවන් සහ ඔහුගේ සගයන් මධුවිත පානය කරමින් මෙලෙස කතාබස් කළහ.

”දැන් නං ජීවත්වෙන්න හොඳටම අමාරුයි.”

”ඒක තමයි ලොක්කා.”

”අපි කරපු කිසිම වැඩක් හරිගියේ නැහැනේ”

”ඒකනෙ. හොඳ ගේමක් දීගන්න බැරි උනා නේ.”

”මාතලේ පැත්තෙ නිධානයක් තියෙනවා කියලා ආරංචියක් ආවා.”

කොරෝනා අස්සේ සිතුල්පව්වටත් ගේමක් දීලා… මංගල මහා සෑයේ ගර්භය කඩලා නිධන් අරන්…

”ඉතින් බලමු ඒකවත් ගන්න.”

”මම පොඞ්ඩක් හොයල බැලූවා. ඒක ගන්න ටිකක් අමාරුයි ගම්මානයක් මැද්දෙ තියෙන්නේ.”

”එහෙම කියල හරියන්නෙ නෑ ලොක්කා. මොකක් හරි ගේමක්ග හන්න ඕනා. නැත්තං ගෙදර උනුත් බඩගින්නෙ.”

”මට පොඩි අයිඩියා එකක් තියෙනවා සිතුල්පව්ව පැත්තට යන්න.”

”අයිඩියා එක නම් හොඳයි. හැබැයි මාර සිකුරුටි එකක් තියෙන්නේ. ආමි පොලිස් දෙගොල්ලො ඉන්නවා.”

”හරි බං ඒක මම දන්නවා. මම කියන්නේ සිතුල්පව්ව ලොකු චෛත්‍ය නොවෙයි.”

”එහෙනම්.”

”පරිවාර චෛත්‍ය. මඟුල් මහා සෑය. ඒක තියෙන්නෙ ටිකක් ඈතට වෙන්න කැලෑව ඇතුළෙ.”

”ඔව් ඒකේ බඩු තියෙයිද?”

”ඇයි බං නැත්තේ. රජකාලයේ හදලා තියෙන්නෙ. හොඳට මුතු මැණික් ඇති. ගහනවා නං අන්න ගේම.”

”ඉතින් මොකද කල් දාන්නේ. ගේම ගහමු ඇඳිරි නීතියක් එක්කම.”

”ඔව් ගහනවා නං අද හෙටම ගහන්න ඕනා. මොකද දැන් එතන සිකුරුටි එක පොඞ්ඩක් අඩුයි. කොවිඞ් නිසා.”

”කල් දාන්න ඕනේ නෑ ලොක්කා. ප්ලෑන් කළ අපි අද හෙටම ගහමු. අපි පස් දෙනෙක් ඉන්නවනේ.”

”ඒක තමයි මම කල්පනා කළේ. කැලෑ පාරකින් එතනට යන්නත් පුළුවන්. රෑකට ගිහිල්ලා චෛත්‍යයේ ගර්භය කැඩුව නං හරි.”

”වැඬේ නම් නියම වැඩක්. හැබැයි පොඞ්ඩක් වැරදුනොත් ගැස්සිලා යනවා. හොඳටම ප්ලෑන් කරලා කරන්න ඕනා.”

”ඒක තමයි මමත් කියන්නේ. හොඳ අයිඩියා එකක් තියෙනවා. මොකද කියන්නේ බහිමුද ගේමට.”

”අනිවාර්යෙන්ම අපි එනවා. කල්දාන්න එපා අදම ප්ලෑන් කරමු.”

”උඹලා කැමති නම් මම කියන්නං දැන්ම අයිඩියා එක.”

කොරෝනා අස්සේ සිතුල්පව්වටත් ගේමක් දීලා… මංගල මහා සෑයේ ගර්භය කඩලා නිධන් අරන්…

ඒ අනුව දෙබරවැව රුවන් තම සගයන්ට සිතුල්පව්වේ පරිවාර චෛත්‍යයක් වන මඟුල් මහා සෑය බිඳ එහි ඇති පූජා වස්තු මංකොල්ල කන්නෙ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කර දුන්නේය. එය ඇසූ අනෙක් පුද්ගලයන් සිව්දෙනා ඒකමතිකව එම අදහසට කැමති වූහ. ඒ අනුව ඔවුන් එම චෛත්‍ය බිඳීම සඳහා දිනයක් ද යොදා ගත්තේය. ඒ පසුගිය 31 වැනිදා ය.

නියමිත දිනය උදා විය. දෙබරවැව රුවන් ඇතුළු මංකොල්ලකරුවන් පිරිස අවශ්‍ය උපකරණ ද රැගෙන කැලෑ පාරකින් සිතුල්පව්ව විහාරස්ථානයේ එම පරිවාර චෛත්‍යය පිහිටා ඇති ස්ථානයට පැමිණියහ. ඒ රාත‍්‍රී 9 ට පමණය. එලෙස පැමිණි එම මංකොල්ලකරුවෝ අවට පරිසරය නිරීක්ෂණය කළහ. ආරක්ෂක අංශයේ කිසිවකු පෙනෙන තෙක් මානයක නොමැති බව ඔවුහු දැන ගත්හ. ඒ අනුව මංකොල්ලකරුවෝ මඟුල් මහා සෑය චෛත්‍යයේ ගර්භය බිඳීමට පටන් ගත්හ. ඒ සඳහා අවශ්‍ය උපකරණ සියල්ල ඔවුන් රැගෙන විත් තිබුණි.

අලූයම් කාලය වන විට එම මංකොල්ලකරුවන් චෛත්‍යයේ ගර්භය බිඳ එහි ඇති වටිනා පූජා වස්තු රැසක් රැගෙන තිබුණි. එලෙස පූජා වස්තු ගත් පසු ඔවුන් එම ගර්භය නැවතත් සිමෙන්ති සහ සුදු හුණු දමා පෙර තිබුණු ආකාරයටම සැකසුවේය. ඒ කිසිවකුටත් සැක නොහිතන ලෙසටයි.

කොරෝනා අස්සේ සිතුල්පව්වටත් ගේමක් දීලා… මංගල මහා සෑයේ ගර්භය කඩලා නිධන් අරන්…

එලෙස චෛත්‍යයේ ගර්භය සැකසුවත් බිම සුදු හුණු වැටී තිබුණි. එම නිසා දෙබරවැව රුවන් එක් අයෙකුට පැවසුවේ වතුර ගෙනවිත් බිම ඇති සුදු හුණු සෝදා ඉවත් කර පැමිණෙන ලෙසයි. ඒ අනුව ඔහු වතුර රැගෙන ඒමට පිටත් විය. ඒ කාලය අතරතුර තුර අනෙක් මංකොල්ලකරුවන් එම ස්ථානයේ පිටත් විය.

වතුර රැගෙන ඒමට පිටත් වූ පුද්ගලයාව සිතුල්පව්ව පුද භූමියේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළකු දුර තියා දුටුවේය. ඒ අනුව එක්වරම ඔහුට එම පුද්ගලයා පිළිබඳ සැකයක් ඇති විය. වහාම ඔහු එම ස්ථානයට පැමිණියේය. හමුදා සෙබළා පැමිණෙන විටත් එම මංකොල්ලකරුවා වැටී තිබුණු සුදුහුණු සෝදමින් සිටියේය. ඒ අනුව හමුදා සෙබළා මෙම භූමියේ උදෑසනම කුමක් කරන්නේද කියා ඔහුගෙන් ප‍්‍රශ්න කළේය. බියට පත්වූ මංකොල්ලකරුට උත්තරයක්වත් දී ගැනීමට නොහැකි විය. ඔහු ගැන සැක සිතූ හමුදා සෙබළා වහාම ඔහුව අත්අඩංගුවට ගෙන ආරක්ෂාවට සිටි අනෙක් නිලධාරීන්ට සහ කිරින්ද පොලීසියට ඒ බව දැන්නුවේය.

කිරින්ද පොලිසියේ නිලධාරීහු පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළහ. එහිදී එම සැකකරු එම චෛත්‍යය බිඳ නිධන් ගත් ආකාරය සහ එයට සහභාගි වූ අනෙක් සැකකරුවන්ගේද සියලූ තොරතුරු පොලිස් නිලධාරීන්ට පැවසුවේය. සැකකරුගේ එම තොරතුරුවලට අනුව මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මෙම ලිපිය ලියන මොහොත වනවිටත් එම පොලිස් නිලධාරීහු අත්අඩංගුවට ගෙන තිබුණහ.

ඉහළ පොලිස් නිලධාරියකු සඳහන් කළේ ඓතිහාසික සිතුල්පව්ව පුදබිමේ පිහිටි වසභ රජු දවස ඉදිකළ පරිවාර චෛත්‍යයක් වන මඟුල් මහා සෑය චෛත්‍යය බිඳ නිධන් හෑරූ පුද්ගලයන් සම්බන්ධයෙන් උපරිමයෙන්ම නීතිය ක‍්‍රියාත්මක කරන බවයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment