කොරෝනා ආසාදනය වී සුව වූ අයට රුධිරය කැටි ගැසීමේ අවදානමක්

315

කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකුට සුවය ලබා මාස හයක කාලයක් ගත වූ පසු දරුණු ලෙස රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් මතු වීමේ දැඩි අවදානමක් පවතින බව ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණයේදී පළමු කොරෝනා වසංගත රැුල්ලේදී කොරෝනා ආසාදනයට ගොදුරු වූවන් හා කොරෝනා ආසාදනයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත වූ ආසාදිතයන්ට මෙම රුධිරය කැටි ගැසීමේ තත්ත්වය මතු වීමේ දැඩි අවදානමක් පවතින බව හෙළි වී තිබේ. කොරෝනා එන්නත් ලබා ගත් ආසාදිතයන්ටද මෙම රුධිරය කැටි ගැසීමේ තත්ත්වය හටගත හැකි වුවද එම අවදානම එන්නත් ලබා නොගත් අයට වඩා අඩු බව පර්යේෂකයෝ අවධාරණය කර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment