කොරෝනා ආසාදිතයන් ගෙනගිය බස් රථය කැබ් රථයක ගැටී කාන්තාවෝ 2 ක් මරුට 7 කට තුවාල

154


  
පොලොන්නරුව, මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය, මහවැව 100 වෙනි සැතපුම් කණුවට ආසන්න ප‍්‍රදේශයේදී උදේ 6.30ට පමණ ශ‍්‍රී ලංකා යුද හමුදාවට අයත් පෞද්ගලික බස් රථයක් සහ පෞද්ගලික කැබ් රථයක් මුහුණට මුහුණලා එකිනෙක ගැටීම නිසා සිදුවූ අනතුරකින් කැබ් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත්වී තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
 
එම අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද, බෝඅත්ත, අංක 62 ලිපිනයේ පදිංචිව සිටි කේ. පී. චන්ද්‍රිකා නිල්මිණි (43* සහ වැලිකන්ද, අසේලපුර, අංක 339 ලිපිනයේ පදිංචිව සිටි ආර්. එස්. ඞී. උදයංගනී (41* යන දෙදෙනාය.
 
අනතුරට ලක්වූ කැබ් රථය වැලිකන්ද සිට පොලොන්නරුව දෙසට ගමන් ගනිමින් සිටියදී මෙසේ අනතුරට ලක්වී තිබෙන අතර ඒ අනතුරින් මියගොස් සිටින කාන්තාවන් දෙදෙනා පොලොන්නරුව මහ රෝහලේ සනීපාරක්‍ෂක සේවාවන් සිදුකරන ආයතනයක සේවය කරන දෙදෙනකු බවද අනාවරණයවී තිබේ. ඔවුන් උදෑසන සේවා මුරය සඳහා එම කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී තිබෙන බවද පොලිසිය සඳහන් කළේය.
 
කැබ් රථයේ රියැදුරා ඇතුළු තුවාලකරුවන් සියලූමදෙනා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

kanthawo


 
යුද හමුදා බස් රථය කොළඹ සිට පුනානී කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොරෝනා ආසාදිතයන් පිරිසක් රැුගෙන යමින් සිටියදී මෙසේ අනතුරට ලක්වී ඇති බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු සිටි බවද කියති. බස් රථයේ ගමන් ගනිමින් සිටි කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද ඒ නිලධාරීහු කීහ.
 
අනතුරින් මියගිය දෙදෙනාගේ මරණ සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ ඊයේ (29* පස්වරුවේ පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. පෞද්ගලික බස් රථයේ රියැදුරා වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
 
– කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment