කොරෝනා ආසාදිතයන් වැඩි වීම පිළිබඳව ඇමරිකානුවෝ කනස්සල්ලෙන්

287

ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම පිළිබඳව ඇමරිකානුවන් දැඩි ලෙස බියෙන් හා තරහින් පසු වන බව විදෙස් මාධ්‍ය පවසයි. ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ තුන්වැනි කොරෝනා වසංගත රැුල්ල මේ වන විට ආරම්භ වී ඇති අතර ඒ නිසාම මෙතෙක් ලිහිල් කර තිබු කොරෝනා මර්දන නීතිරීති නැවත පැනවීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

 මේ යටතේ මෙතෙක් කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් ඇමරිකානුවන්ට මුහුණු ආවරණ (මාස්ක් * නොපැළඳ එළිමහනේ හා

 ගෘහස්තව නිදැල්ලේ හැසිරීමට ලබා දී තිබු ඉඩ ප‍්‍රස්ථාව නැවත වරක් සීමා කිරීම ඇමරිකානුවන්ගේ නොසතුටට හේතු වී තිබේ .ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳව මධ්‍යස්ථනයට අනුව කොරෝනා එන්නත් ලබා ගත් ,මෙන්ම එම එන්නත් ලබා නොගත් පිරිස ද එළිමහනට හා ගෘහස්ථ ස්ථානවලට යාමේදී අනිවාර්යයෙන් මුහුණු ආවරණයක් පැළඳිය යුතුය .ඩෙල්ටා ප‍්‍රභේදය මේ වන විට ඇමරිකාවේ ප‍්‍රාන්ත බොහොමයකට ව්‍යාප්ත වී ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment