කොරෝනා ආසාදිතයින් ලක්ෂ පහ ඉක්මවයි

110

කොරෝනා මරණ 121 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17දා* වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළ ගොස් ඇත.මෙම මරණ පෙරේදා (16දා* සහතික කළ ඒවාය. මේ අනුව දැනට දිනකට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි අඩුවීමක් දක්නට ලැබේ.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලැබූවන් 1,186 ක් ඊයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 429,776කි.

එසේම තවත් කොරෝනා ආසාදිතයින් 2070 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන ලක්ෂ පහ ඉක්මවීය. ඒ අනුව මෙරටින් හමුවූ කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව 500,764 දක්වා ඉහළ ගියේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment