කොරෝනා ආසාදිත මානසික රෝගියා සියදිවි හානිකරගනී

326

දීර්ඝ කාලයක සිට මානසික රෝගයකින් පෙළුණු කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන පනස් තුන් හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (23* පෙරවරුවේ සිය නිවස ඉදිරිපිට පිහිටි අඹ ගසක එල්ලී ගෙල වැලලාගෙන මියගොස් ඇත.

 පදවිය 18 කණුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි හේවාවසම් බටුවන බටතුරගේ කස්තුරි කුමාර නමැති පුද්ගලයෙකු මෙසේ මරුමුවට පත්ව ඇත.

 දීර්ඝ කාලයක සිටි මානසික රෝගයකින් පෙළීම නිසා ඉකුත් ජුලි මස 27 වෙනිදා සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ ආශ‍්‍රිතයෙකු බවට හඳුනා ගෙන තිබිණි.

 ඒ අනුව ඔහුට ඉකුත් 20 වෙනිදා එම රෝහලේදී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප‍්‍රතිකාර වාට්ටු රෝගීන්ගෙන් පිරි පැවතීම නිසා ඔහු ඉකුත් 21වෙනිදා නිවෙස් ප‍්‍රතිකාර සහ නිරෝධායනය සඳහා එම රෝහල මගින් මුදා හැර නැවත සිය නිවසට යැවීමට කටයුතු කර තිබිණි.

 එසේ නිවසට ගොස් සිටියදී පෙරේදා (23* පෙරවරු 6.15 ට පමණ ඔහු සිය නිවස ඉදිරිපිට පිහිටි අඹ හසක එල්ලී මෙසේ සියදිවි හානි කරගෙන ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පදවිය පොලිසියේ ප‍්‍රකාශකයෙකු පැවසිය.

 එම පුද්ගලයාගේ දේහය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පෙරේදා (23* සවස අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භුමියේ ආදාහනාගාරයේදී ආදාහනය කරන ලදී.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment