කොරෝනා ඇරැඹුණදා සිට මෙතෙක් පීසිආර් ලක්‍ෂ 50ක් කරලා -වෛද්‍ය සුදත් ධර්මරත්න

109

කොවිඞ් 19 වසංගත තත්ත්වය ආරම්භයේ සිට මේ දක්වා වූ වසර 1 1/2 තුළ පී. සී. ආර්. පරීක්‍ෂණ ලක්‍ෂ 50 කට ආසන්න ප‍්‍රමාණයක් සිදුකර ඇතැයි රසායනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද සුදත් ධර්මරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (29 වැනිදා) පැවසීය.

එසේම පසුගිය නොවැම්බර් මාසයේ සිට ක්‍ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්‍ෂණ (ඇන්ටිජන් පරීක්‍ෂණ* කට්ටල මේ දක්වා ලක්‍ෂ 9 ක ප‍්‍රමාණයක් කොවිඞ් පරීක්‍ෂණ සඳහා නිකුත්කර ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කථා කළ ඒ මහතා මෙසේ ද කීය.

ලංකාව තුළ පී සී ආර් පරීක්‍ෂණ රසායනාගාර 40 ක් තිබෙනවා. එයින් 22 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව රසායනාගාර 7 ක් තිබෙනවා. ඊට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ තියෙන කොතලාවල ආරක්‍ෂක විදා පීඨ රෝහල හා නාරාහේන්පිට යුද හමුදා රෝහල තුළත් රසායනාගාර 2 ක් තිබෙනවා. මේවා තුළින් විධිමත්ව පී සී ආර් පරීක්‍ෂණ සිදු කෙරෙනවා. දිනකට පී සී ආර් පරීක්‍ෂණ 20000 ක් කරන්න ධාරිතාව තිබෙනවා.

විශේෂයෙන්ම දැන් කළ යුත්තේ වැඩි වැඩියෙන් ඇන්ටිජන් පරීක්‍ෂණ කරලා කොවිඞ් ආසාදිතයන් හඳුනාගැනීමයි. ඔබ කොවිඞ් ආසාදිත වෙච්ච කෙනෙකුගේ ආශි‍්‍රතයෙක් වුණොත් දවසෙන් දෙකෙන් ඇන්ටිජන් කරගන්න කලබල වෙන්න එපා. හරි ක‍්‍රමය නිවසටම වෙලා දින 14 ක් ගියාට පස්සේ උණ, ඇ`ගපත වේදනාව, සෙම්ප‍්‍රතිශ්‍යාව තියෙනවානම් ඇන්ටිජන් පරීක්‍ෂාව සිදුකර ගැනීම තුළින් තමයි නියම ප‍්‍රතිඵලය දැනගන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ පී සී ආර් පරික්‍ෂණවලට වඩා ඇන්ටිජන් පරීක්‍ෂණවලට යොමුවීම වැදගත්.

මේ පවතින කොවිඞ් තත්ත්වයත් එක්ක පසුගිය මැයි මාසයේ රසායනාගාර තුළ පී සී ආර් පරීක්‍ෂණ ලක්‍ෂ 7 කට අධික ප‍්‍රමාණයක් සිදු කළා. ජුනි මාසයේ පී සී ආර් පරීක්‍ෂණ පන්ලක්‍ෂ හැටදාහක් කළා. ජූලි අගෝස්තු මාසවල පී සී ආර් පරීක්‍ෂණ ලක්‍ෂ දහයක ප‍්‍රමාණයක් සිදු කළා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment