කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ගත් සංචාරකයන්ට රට විවෘත කරයි

191

කොවිඞ් – 19 ප‍්‍රතිශක්තිකරණ එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් සංචාරකයන්ට පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුනට කිසිදු නිරෝධායන ක‍්‍රියාවලියකට ලක්නොවී මෙරට ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට අවසර හිමිවන බව සංචාරක මණ්ඩලය සඳහන් කරයි.

එම මණ්ඩලයේ උපදේශක නිමේෂ් හේරත් මහතා සඳහන් කළේ ඔවුන් දින 7කට පසුව ද යළිත් පීසීආර් පරීක්ෂණයකට යොමුවිය යුතු බවය.

එසේම ඔවුනට සංචාරක මණ්ඩලයෙන් අනුමත කර ඇති ලෙවල් 1 හෝටල්හි පමණක් නොව වෙනත් ඕනෑම හෝටලයක කාමරයක සිටීමේ අවසරය ද ලබාදී ඇතැයි ඒ මහතා පැවසීය. සංචාරකයන් ලංකාවට පැමිණි පසු දින 07කට පසු අනුමත රසායනාගාරයකින් පීසීආර් පරීක්ෂණයක් සිදුකර යැකකද්ට්සබ?ිරසක්බන්.එර්ඩැක ඊමේල් ලිපිනයට යොමුකළ යුතු බවද නිමේෂ් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment