කොරෝනා එන්නත් විදගන්නා එංගලන්ත තරුණ පිරිසට විශේෂ වට්ටම්

149

එංගලන්තයේ තරුණ පරපුර කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම දිරි ගැන්වීම සඳහා ඔවුන්ට ඇණවුම් කර නිවෙස්වලට ගෙන්වා ගන්නා ආහාරවල මිල ගණන් සහ ටැක්සි රථවල ගමන් කිරීමේදී අය කරන මුදල් සඳහා විශේෂ වට්ටම් ලබා දීමේ වැඩපිළිවෙලක් එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කර තිබේ.
 
 මේ යටතේ ආහාර නිවෙස්වලට ප‍්‍රවාහනය කරන හා ටැක්සි සේවා සමාගම් වන ”‍පීසා පිල්ග‍්‍රීම්ස් ”‍,ඩිලීවරූ ”‍,උබර් ”‍ හා ”‍බෝල්ට් ”‍ යන සමාගම් විසින් කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා තරුණ තරුණියන් හට මෙම විශේෂිත මිල අඩු කිරීම් ලබා දීමට එකඟ වී ඇත .මෙම වැඩපිළිවෙල සඳහා ඉදිරියේදී තවත් සමාගම්
 
 රැුසක් එකතු වීමට නියමිතව ඇති බව එංගලන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.මේ වන විට එංගලන්තයේ අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පසුවන අයගෙන් සියයට 68ක් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගෙන ඇති බව වාර්තා වී තිබේ. වැඩිහිටියන්ගෙන් සියයට 88.5ක් එක් එන්නත් මාත‍්‍රාවක් ලබා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment