කොරෝනා එන්නත නොගත් සේවකයන් තිදෙනකු සීඑන්එන් රූපවාහිනියෙන් නෙරපයි

374

ප‍්‍රධාන පෙළේ ඇමරිකානු විද්‍යුත් මාධ්‍ය ආයතනයක් වන ‘සී එන් එන්’ රූපවාහිනී සේවයේ ප‍්‍රධානීන් කොරෝනා මර්දන එන්නතක් ලබා නොගෙන සේවයට පැමිණි සේවකයන් තිදෙනකු සේවයෙන් නෙරපා දමා ඇත. ඇමරිකානු මාධ්‍ය සමාගමක් විසින් කොරෝනා එන්නත් ලබා නොගෙන සේවයට වාර්තා කළ සේවකයන් සේවයෙන් නෙරපා දැමුණු ප‍්‍රථම අවස්ථාව මෙය සේ සැලකේ.

 ඇමරිකනු සමාගම්වලට සිය සේවකයන්ට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට නීතිමය අවසරය හිමිව තිබේ. මෙසේ කොරෝනා එන්නත් ලබා නොගත් සේවකයන් තිදෙනකු සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සී එන් එන් රූපවාහිනී සේවයේ ප‍්‍රධානියා වන ජෙෆ් සකර් පවසා ඇත්තේ සිය සමාගමේ රැුකියාවට වාර්තා කරන සෑම අයකුම මෙන්ම සිය සමාගමට පැමිණෙන වෙනත් ආයතන සේවකයින් ද කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය බවය.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment