කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කළ විශේෂ බළකා භටයන්ට දඬුවම් නොකරනු – ඇමෙරිකානු විනිසුරු නියෝග කරයි

300

කොවිඞ් 19 එන්නත් ලබාගැනීම ප‍්‍රතික්‍ෂේප කළ නාවික සීල් භට කණ්ඩායමකට සහ විශේෂ බළකා භටයන්ට දඬුවම් කිරීමෙන් වළකින ලෙස ඇමෙරිකානු විනිසුරු රීඞ් ඕකොනර් එරට ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

 විශේෂ බළකා භටයන් 35ක් ගොනු කළ පෙත්සමක් විභාග කළ විනිසුරුවරයා කොරෝනා එන්නත් ගැන නිකුත් කළ ඇමෙරිකානු ආරක්‍ෂක නියෝග වළක්වා තිබේ. මෙම එන්නත් විද ගැනීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා එකී හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමට ඇමෙරිකානු ආරක්‍ෂක බලධාරීන් තීරණය කර තිබුණි. මෙම නියෝගය දුන් විනිසුරු රීඞ්ව පත්කරනු ලැබුවේ ජනපති ජෝ බයින්ඩන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment