කොරෝනා ගැන මුළු ලොවට ම හෙළි කළ චීන මාධ්‍යවේදිනියට සිව් වසරක සිරදඩුවමක්

367

චීනයේ වූහාන්හි  කොවිඞ් -19 ආරම්භ වූ අවස්ථාවේ ඒ ගැන තොරතුරු හෙළි කළ සැන්හ්් සැන් නැමැති මාධ්‍යවේදිනියට චීන බලධාරීන් විසින් සිව් වසරක් දක්වා සිරදඬුවම් නියමකර ඇත.

 ඇගේ පවුලේ ඥාතීහු පැවසූවේ සැන්හ් සැන් ආහාර වර්ජනයක නිරත වීම නිසා මිය යෑමට ආසන්න බවයි.

 38 හැවිරිදි වියේ පසුවන මෙම මාධ්‍යවේදිනිය වූහාන් නගරයට පැමිණ සිදු වන්නේ කුමක්ද යන්න ගැන ලොවට ම හෙළිකර තිබුණිි. ඇය හෙළිකළ තොරතුරු සමාජ වෙබ් අඩවිවලින් ප‍්‍රකාශයට පත් විය. 2020 පෙබරවාරි මස ඇය වූහාන් වෙත පැමිණ හෙළි කළ තොරතුරු නිසා කොවිඞ් වසංගතය ගැන මුළු ලොවටම දැන ගැනීමට හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment