කොරෝනා ණය සහන ලැබෙන්නේ මෙහෙමයි

568

කොවිඞ් ණය සහන තවදුරටත් දීර්ඝ කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව බැංකු ණය ගැනුම්කරුවන් බොහොමයක් මේ සහනය දික් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටී. මහ බැංකුව මේ සඳහා චක‍්‍රලේඛය සියලූ බැංකු වෙත යොමු කර ඇති අතර ඒ ගැන ඒ ඒ බැංකුවල ශාඛාවලට දැනුම් දෙන්නේ මහ බැංකුව විසින් නොව අදාළ බැංකුවල ප‍්‍රධාන කාර්යාලයෙනි. ඒ අනුව මේ වන විට බැංකු බොහොමයක් මීට අදාළ උපදෙස් තම බැංකු ශාඛාවලට දැනුම් දී ඇත. එහෙත් මේ ගැන බොහෝ දෙනෙක්ට නොයෙකුත් ප‍්‍රශ්න සහ ගැටලූ තිබෙන බව පෙනේ. මේ ගැන බොහෝ දෙනෙක් අපට ද දුරකථන ඇමතුම් දෙමින් විමසීම් කරන්නට පටන් ගෙන ඇත. ඒ නිසා මේ කොරෝනා ණය සහන දික් කිරීම ගැන මහ බැංකුවේ තොරතුරු ඇසුරෙන් මහජනයා දැනුම්වත් කිරීම මේ ලිපියෙන් අපි සිදු කරමු.

කොරෝනා ණය සහන ලැබෙන්නේ මෙහෙමයි

කොවිඞ් වසංගත තත්ත්වය ඉහළ යෑම හේතුවෙන් බලපත‍්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම බලපෑමට පත් ණය
ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර එනම්, 2021.08.31 දින දක්වා ණය සහන ලබා දී තිබුණි. දැන් සිදු කර ඇත්තේ එම සහනය 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කිරීමයි. මේ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සියලූම බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ බලපත‍්‍රලාභී විශේෂිත බැංකු (බලපත‍්‍රලාභී බැංකු) වෙත දැනුම් දී ඇත. ඒ සඳහා මහ බැංකුව විසින් යවන ලද චක‍්‍රලේඛයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප‍්‍රතිලාභයන්ට වඩා අඩු නොවන සේ, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබා දීමට සලකා බලන මෙන් ද මහ බැංකුව බලපත‍්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා තිබේ. ඒ නිසා මහ බැංකුව කියන සහනවලට අමතරව අදාළ බැංකුවලට ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි අතිරේක සහන ද ලබා දිය හැකිය. මේ ණය සහන ලබා දීමේ අපේක්ෂාව මහ බැංකුව මෙසේ පැහැදිලි කරයි.

‘කොවිඞ්-19 වසංගතයෙන් බලපෑමට පත් ණය

ගනුදෙනුකරුවන් හට 2022 ජනවාරි මස සිට සිය ණය ගෙවීම් ක‍්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර ගැනීමට මෙම නව ණය සහන කාලය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, පවත්නා තත්ත්වය යටතේ තම සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සඳහා දිගින් දිගටම එල්ල වන බාධා හමුවේ අත්‍යාවශ්‍ය මෙහෙයුම් වියදම් දරමින් සිය තැන්පතුකරුවන්ගේ පොලී මුදල් හා තැන්පතු මුදල් නිසි කලට වේලාවට ගෙවීමේ වගකීම බලපත‍්‍රලාභී බැංකු විසින් නොපිරිහෙලා ඉටුකරන බව අවධාරණය කළ යුතු වේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ණය සහන ලබා ගැනීමට සුදුසුකම් සපුරා ඇති නමුත්, ණය ආපසු ගෙවීමට හැකියාව පවතින ණය ගනුදෙනුකරුවන්ට තම පහසුකම් කල් දැමීම හෝ ප‍්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටීම වෙනුවට ණය ආපසු ගෙවීමට කටයුතු කරන මෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී. තවද බලපෑමට ලක් වූ ණය

ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ ධාරිතාව ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට අනිසි පීඩනයක් ඇති නොවන ආකාරයට එම ණය පහසුකම් ආපසු ගෙවීම සඳහා නව සැලසුම් සැකසීමට බලපත‍්‍රලාභී බැංකු හා සාධාරණ එකඟතාවයට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ණය සහන සම්බන්ධයෙන් බලපත‍්‍රලාභී බැංකු වෙත

පසුගිය 01 දින නිකුත් කරන ලද 2021 අංක 08 දරන චක‍්‍රලේඛය ශ‍්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇත. මේ සහන ලැබීමට සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට වැඩිදුර තොරතුරු අදාළ බැංකුවලින් හෝ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1935 හෝ දුරකථන අංක 0112 477966 හෝ 0112 477129 ඔස්සේ සම්බන්ධ වීමෙන් ලබා ගත හැකි බව මහ බැංකුව පවසයි. මීට අමතරව සංචාරක හා මගී ප‍්‍රවාහන යන ආර්ථික අංශයන්හි පීඩාවට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මේ වන විටත් ණය සහන යෝජනා ක‍්‍රම දෙකක් 2020 සැප්තැම්බර් 30 දින දක්වා ක‍්‍රියාත්මක වේ. කොවිඞ් -19 නිසා බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැපයීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ චක‍්‍රලේඛයේ ඇති මූලික කරුණු එහි සඳහන් අයුරින් මෙසේය.

මේ අනුව සක‍්‍රීය ණය ගනුදෙනුකරුවන් සඳහා ලබා දී ඇති සහන මෙසේය.

ණය ආපසු ගෙවීම 2021 දෙසැම්බර් මස අග දක්වා කල් දැමේ. 2021.09.01 දින වන විට සක‍්‍රීයව ඇති ණය පහසුකම් සඳහා, රැුකියාව අහිමි වීම, වැටුප් /ආදායම හෝ වෙළෙඳාම අඩු වීම හෝ අහිමිවීම, ව්‍යාපාර කටයුතු අඩාල වීම, බිඳවැටීම හෝ ව්‍යාපාර වසා දැමීම යනාදි කරුණු එක් එක් අවස්ථාව අනුව සලකා බලා 2021.12.31 දක්වා කාලය තුළ මුල් ණය මුදල හෝ පොලිය හෝ එම කොටස් දෙකම අය කර ගැනීම කල් දැමෙනු ඇත. මේ අනුව මෙම සහනය ලබාගන්නා

ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ණය ආපසු ගෙවීම ආරම්භ වන්නේ 2022.01.01 දින සිට වේ.

එසේම මෙහිදී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ප‍්‍රමුඛතාව ලබා දේ. මේ අනුව මෙම ව්‍යවසායන්වල නිරතව සිටින ණය ගනුදෙනුකරුවන් විසින් සහන සඳහා කරන ඉල්ලීම්වලට බැංකු විසින් ප‍්‍රමුඛත්වය දිය යුුතු වේ.

මීට පෙර ණයසහන/ වාරික කල් දැමීම් යටතේ ලබාගත් ණය ඒකාබද්ධ වීම සිදුවේ. එනම් කලින් පැවති ණය සහන/වාරික කල් දැමීමේ යෝජනාක‍්‍රමවලට අදාළ කාල සීමා සඳහා අයවීමට නියමිත මුදල් (මුල් ණය මුදල, පොලිය සහ අදාළ කල් දැමූ කාල සීමාව සඳහා අය කරන පොලී* සහ මෙම සහන යෝජනා ක‍්‍රමය යටතේ ගෙවිය යුුතු මුදල් ප‍්‍රමාණයන් (මුල් මුදල සහ පොලී* නව ණය පහසුකමකට හැරවීමට බැංකු කටයුුතු කළ යුුතු වේ.

කල් දැමූ ණය වාරික (නව ණය පහසුකම* ආපසු ගෙවීම 2022.07.01 දින සිට ආරම්භ වේ. කල්බදු පහසුකම් ඇතුළුව, වාරික ණය සඳහා ඉහත නව ණය පියවීමට, බලපත‍්‍රලාභී බැංකු සහ ගනුදෙනුකරු විසින් 2022.07.01 දින සිට මාස 6 දක්වා ආපසු ගෙවීමේ කාලසීමාවකට එකඟ විය යුුතුය. ණය ගනුදෙනුකරු අවශ්‍ය නම් මෙම නව ණය ආපසු ගෙවීම ඊට පෙර වුවද ආරම්භ කළ හැකිය. නැතහොත් නව ණය පියවීම සඳහා මාස හයකට වඩා වැඩි කාලයක් අවශ්‍ය බව සිතන්නේ නම් ඒ සඳහා ද ඉල්ලීමක් කළ හැකිය. එවැනි අවස්ථාවක දී බැංකුව සහ ගනුදෙනුකරු සුදුසු සහනදායී පොලී අනුපාතයකට එකඟ විය යුුතුය. නව ණය පහසුකම සඳහා සහනදායී පොලී අනුපාතයක් අය කෙරේ. එනම් රුපියල් ණය පහසුකම්වල දී නව ණය මත මාස 6 දක්වා ආපසු ගෙවීමේ කාලයක් සඳහා වාර්ෂිකව සියයට 6.93 (එනම් 31.08.2021 දිනට දින 364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතය + සියයට 1 ක වාර්ෂික පොලිය* නොඉක්මවන පොලී අනුපාතයක්, 2021.09.01 දින සිට ආරම්භ වන පරිදි අය කිරීමට බලපත‍්‍රලාභී බැංකුවලට හැකියාව ඇත. විදේශ මුදල් ණය සහ මාස 6ට වඩා වැඩි ආපසු ගෙවීමේ කාලයක් සහිත රුපියල් ණය වෙනුවෙන් බැංකු විසින් සුදුසු සහන පොලී අනුපාතයක් අය කළ යුුතුය.

කෙටි කාලීන චක‍්‍රීය ණය පහසුකම් පියවීම් 2021.12.31 දක්වා දීර්ඝ කෙරේ. ඒ ඒ අවස්ථාව සලකා බලමින් කාරක ප‍්‍රාග්ධන උකස්, තාවකාලික අයිරා, කෙටිකාලීන වෙළඳ මුල්‍යකරණ පහසුකම් ඇතුළු 2021.09.01 දින සිට 2021.12.31 දින දක්වා පියවීමේ දින සහිත චක‍්‍රිය ණය පහසුකම් පියවීම සඳහා 2021.12.31 දක්වා කාලය ලැබේ. මෙම කල්දමන ලද කාල සීමාවට සහ අදාළ කල් දමන මුදල මත පමණක් ඉහත සඳහන් කර ඇති පරිදි පොලී අය කිරීමට බැංකුවලට හැකිය.

ණය සහන කාලය තුළ දඩ පොලී අය කිරීමක් හෝ එකතු කිරීමක් නොකළ යුතුය. එනම් 2021.09 01 සිට 2021.12.31 දක්වා කාලය තුළ අයවීමට නියමිත මුදල් මත දඩ පොලිය එකතු කිරීමක් හෝ අය කිරීමක් සිදු නොකළ යුුතු බවයි.

 ඔබට වඩාත් ගැලපෙන ක‍්‍රමය හඳුනා ගත හැකිය. එනම් ණය ගැනුම්කරුට දැනුවත් තීරණයක් ගැනීමට හැකි වන පරිදි කල් දැමූ වාරික ඉක්මනින් ආපසු ගෙවීම ආරම්භ කිරීමේ ප‍්‍රතිලාභ සහ ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම නිසා ගනුදෙනුකරුට වන බලපෑම පිළිබඳව පැහැදිලි කිරීමට බැංකු කටයුතු කළ යුතු වේ.

 ණය ආපසු ගෙවීමේ ධාරිතාවට සරිලන පරිදි ණය ප‍්‍රතිව්‍යුගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. ගනුදෙනුකරුගේ ආපසු ගෙවීමේ ධාරිතාව සහ එවැනි ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරන පිළිගත හැකි ව්‍යාපාර නඟාසිටුවීමේ සැලසුම් සැලකිල්ලට ගනිමින් දැනට පවතින ණය පහසුකම් දීර්ඝ කාලයක් සඳහා ප‍්‍රතිව්‍යුහගත කිරීමට බැංකුවලට හැකියාව පවතී.

ණය සහන ලබා ගැනීමට සුදුසුකම් ඇති නමුත් තම පහසුකම් කලින් පියවා දැමීමට කැමති ගනුදෙනුකරුවන්ට පිරිනැමිය යුතු ප‍්‍රතිලාභ මෙසේය. සහන ලබා ගැනීමට සුදුසුකම් ඇති නමුත් එසේ සහන ලබා නොගෙන ණය සහන කාලය තුළ දී තම ණය පහසුකම් කලින් පියවීමට කැමති ගනුදෙනුකරුවන්ට පොලී ප‍්‍රතිදාන ලබා දීමට බැංකු දිරිමත් කරන අතර, එසේ ණය සහන කාලය තුළ තම ණය පහසුකම් කලින් පියවන ගනුදෙනුකරුවන්ගෙන් කලින් පියවීමේ ගාස්තු සහ කල්බදු පහසුකම් සඳහා අනාගත පොලී ආපසු අය කර ගැනීම ඇතුළු අනෙකුත් ගාස්තු කපා හැරීමට බැංකු කටයුුතු කළ යුුතු වේ.

අක‍්‍රීය ණය ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති සහන මෙසේය.

අක‍්‍රිය ණය ප‍්‍රතිලේඛනගත කිරීම: ණය ගැනුම්කරුගේ ආපසු ගෙවීමේ ධාරිතාව සහ පිළිගත හැකි ව්‍යාපාර යළි නඟා සිටුවීමේ සැලැස්මක් ඇති නම් ඒවා සලකා බලා එක් එක් අවස්ථාව අනුව, 2021.09.01 දින වන විට, අක‍්‍රීය කාණ්ඩයේ පවතින ණය පහසුකම් දීර්ඝ කාලයක් සඳහා ප‍්‍රතිලේඛනගත කළ හැකිය.

2020.04.01 දින හෝ ඉන් පසුව අක‍්‍රීය ලෙස වර්ග කර ඇති ණය පහසුකම්වලට අදාළව සියලූම ණය නැවත අයකිරීම් ක‍්‍රියාමාර්ග 2021.12.31 දක්වා අත්හිටුවේ: සාමාන්‍ය නැවත අය කර ගැනීමේ ක‍්‍රියාවලියේ කොටසක් ලෙස එවැනි ණය ගැනුම්කරුවන් සඳහා අධික ලෙස ඇමතුම් ලබා දීම /බල කිරීම හෝ ණය ගැනුම්කරු හමුවීම යනාදිය සිදු නොකිරීමට බැංකු සෑම පියවරක්ම ගත යුුතුය. ණය අය කර ගැනීම ගැන නීතිමය කටයුුතු සිදු වෙමින් පවතී නම් මෙම සහනය ලබා ගැනීම සඳහා ණය ගැනුම්කරුවන් උසාවියේ දී එකඟතාවකට පැමිණිය යුුතුය.

ලබාදිය හැකි අතිරේක සහන මෙසේය.

* රුපියල් 500ල000 ට අඩු චෙක්පත්වල වලංගු කාලය 2021.10.31 දක්වා දීර්ඝ කිරීම.

* බලපෑමට ලක්වූ ණය ගැනුම්කරුවන්ගේ සියලූ චෙක්පත්, අගරුවූ චෙක්පත් සහ චෙක්පත් ගෙවීම් නතර කිරීම සම්බන්ධයෙන් ගාස්තු අයකිරීම 2021.09.30 දක්වා අත්හිටුවීම සහ පැහැදිලි වශයෙන්ම බලපෑමට පත් ගනුදෙනුකරුවන්ගේ ණයපත් සහ වෙනත් ණය පහසුකම් සඳහා ප‍්‍රමාද ගාස්තු අයකිරීම 2021.10.31 දක්වා අත්තිටුවීම.

* මෙම යෝජනා ක‍්‍රමය යටතේ සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත් හුදෙක් අසතුටුදායක ණය තොරතුරු කාර්යාංශ (ක‍්‍රිබ්* වාර්තාවක් මත පමණක් පදනම්ව ප‍්‍රතික්ෂේප කිරීමෙන් වළකින ලෙසට බලපත‍්‍රලාභී බැංකුවලට දැනුම් දීම

* මෙම ණය සහන යෝජනා ක‍්‍රමය සහ මීට පෙර ණය සහන යෝජනා ක‍්‍රම සඳහා සහභාගීවීම මගින් ණය

ගනුදෙනුකරුවන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් සඳහා හෝ අනාගත ණය තොරතුරු වාර්තා සඳහා අසතුටුදායක බලපෑමක් සිදු නොවීම.

* දැනට පවතින සංචරණ සීමාවන් හේතුවෙන් බලපෑමට පත් ගනුදෙනුකරුවන් විසින් ණය ආපසු ගෙවීමේ නියමිත දිනය දින කිහිපයකින් (උපරිම වැඩ කරන දින 15 ක් දක්වා* කල්දැමීමට කෙරෙන ඕනෑම ඉල්ලීමක් සලකා බලන ලෙස බැංකු වෙත මහ බැංකුව විසින් දැනුම් දී ඇත. එවැනි ප‍්‍රමාදයන් සඳහා බලපත‍්‍රලාභී බැංකු විසින් කිසිදු අමතර පොලියක් හෝ වෙනත් ගාස්තු අය නොකළ යුුතුය.

මහ බැංකුව පවසා ඇති පරිදි මේ ණය සහන දීර්ඝ කිරීම ක‍්‍රියාත්මක වන්නේ මේ අයුරුනි. බැංකුවෙන් බැංකුවට මෙහි ක‍්‍රියාත්මක වීමේ ක‍්‍රියාවලියේ යම් යම් වෙනස්කම් තිබිය හැකිය. මේ සහන ලබා ගැනීමට ණය ගනුදෙනුකරුවන් 2021.09.21 දින හෝ ඊට පෙර ඒ සඳහා තමා ණය ලබාගත් බැංකුවට ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුුතු අතර නියමිත දිනට පසුව ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් වුවත් එසේ ප‍්‍රමාද වීමට හේතු පිළිගත හැකි නම් බාර ගන්නා ලෙස බැංකු වෙත දැනුම් දී ඇත.

* ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment