කොරෝනා තඹුත්තේගම කලාපයේ ප‍්‍රාථමික අංශයේ පාසල් හතක පංති හතක් වසා දමයි

102

තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ ප‍්‍රාථමික අංශයේ පාසල් 07ක දරුවන්ට කෝවිඞ් 19 වයිරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පංති 07 ක් පමණක් වසා දමා ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ. එම්. ඊ. ආර්. බංඩාර මහතා පවසයි.

මෙම පාසැල් අතරින් තඹුත්තේගම ආදර්ශ ප‍්‍රාථමික විදුහලේ 02 ශ්‍රේණියේ එක් පංතියක්ද, ගුරුගම විදුහලේ පංති කිහිපයක්ද, සෝලම විදුහලේ 04 පංතියද, රාජාංගනය යාය 01 විදුහලේ එක් ළමයකුට කොරෝනා පොසිට්ව් වීම නිසා එම පංතියද, පයින්ඩි කුලම් පණ්ඩුකාභයපුර විදුහලේ එක් පංතියක්ද, තලාව ආදර්ශ ප‍්‍රාථමික විදුලේ 04 පංතිය ද, තලාව නබඩවැව ප‍්‍රාථමික විදුහලේ 04 පංතියද වසා දමා ඇතැයිද පාසල් සියල්ල පුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල

කොරෝනා මුතියම්මාගම කනිෂ්ට විද්‍යාලය වසා දමයි

තිස්සමහරාම, මුතියම්මාගම කනිෂ්ඨ විද්‍යාලයෙහි ප‍්‍රාථමික අංශයේ ගුරුවරියකට කොරෝනා වෛරසය අසාදනය වීම හා එම විද්‍යාලයෙහි තවත් ගුරුවරයකු හදිසියේ උණ රෝගයකට ගොදුරු වීම හේතුවෙන් එම විද්‍යාලය ඊයේ (05 දින) හදිසියේ වසා දමා තිබේ.

කොරෝනා අසාදනය වී ඇති ගුරුවරිය ලූණුගම්වෙහෙර ප‍්‍රදේශයේ සිට සේවයට පැමිණෙන අයෙකි.

කොරෝනා වෛරසය සීග‍්‍ර ලෙස පැතිරී යන ග‍්‍රාම නිලධාරි වසම් තුනක් වන ස`දුන්ගම, එකමුතුගම හා මුතියම්මාගම යන ග‍්‍රාමීය ප‍්‍රදේශවල දරුවන් වැඩි දෙනකු ඉගෙනුම ලබන්නේ මෙම මුතියම්මාගම විද්‍යාලයෙහි බවට අනාවරණය විය.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment