කොරෝනා නිසා උතුරේ ගම්මාන තුනකට ධීවර කටයුතු තහනම්

286

උතුරේ ධීවර ගම්මාන තුනකදී කොරෝනා රෝගීන් 21 දෙනකු හමු වීමත් සමගම ප‍්‍රධාන ධීවර ගම්මාන තුනක ධීවරයන්ට 13 දා සිට මුහුදු යෑම තහනම් කොට තිබේ.

යාපනයේ පේදුරුතුඩුව උතුර ධීවර  ගම්මානයෙන් කොරෝනා රෝගීන් 7 ක් ද වඩමරච්චි, මරදන්කේණී ධීවර ගම්මානයෙන් රෝගීන් 8 දෙනෙකුද මුලතිව් නායාරූ ධීවර ගම්මානයෙන් රෝගීන් 6 දෙනෙක්ද හමු වීමත් සමගම එම ධීවර ගම්මානවල ධීවරයින්ට මුහුදු යෑම තහනම් කොට ඇත. මේ හේතුව නිසා එම ධීවර ගම්මාන තුනේ පවුල් 830 කට පමණ දින විස්සක කාලයකට මුහුදු යෑමට අවසර නොලැබීම නිසා ඔවුන්ගේ දෛනික ජීවනෝපාය මාර්ගයන් අහිමි වී ගොස් තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment