කොරෝනා නිසා කඩා වැටුණු හොංකොං ආර්ථිකය

142

කොවිඩ් වලින් පසු හොංකොං හි පැවති ජාත්‍යන්තර වෙළෙඳ පොළ සිංගප්පූරුව වෙත ඇදී යන්නට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම තත්වය මත හොංකොං රජය හෝටල් නිරෝධායනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.නමුත් ඊට පෙර සිංගප්පූරුව කොරෝනා නිරෝධායන නීති ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙතෙක් හොංකොං හි පැවති ජාත්‍යන්තර වෙළෙඳ පොළ සිංගප්පූරුව වෙත ඇදී යන්නට පටන් ගෙන තිබේ.වසංගත සීමා පැනවීම,චීනය සිය දේශ සීමා වසා දැමීම,බීජිං සහ වොෂින්ටන් අතර ගැටුම් ඇති වීම ද හොංකොං හි ආර්ථිකය කඩා වැටීමට බලපා තිබේ.තවමත් හොංකොං හි කොවිඩ් අවදානම පහව ගොස් නැති නිසා බොහෝ ව්‍යාපාර එරටින් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය වානිජ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් ග්‍රැහැම් පවසයි. මෙම තත්වය මත හොංකොං බලධාරීන් නොවැම්බර් හි නැවත සිය ව්‍යාපාර ලොවට විවෘත කිරීමට සැලසුම් කර ඇත.ඒ සදහා බැංකු සමුළුවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.මෙම සමුළුවට ගෝලීය සමාගම් 30කට වැඩි ප්‍රමාණයකට ආරාධනා කර ඇත.එම සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් ඊට සහභාගී වනු ඇතැයි විශ්වාස කරයි.ඉන්පසු සංකේතාත්මක සත් සාමාජික රගර් තරගාවලියක්ද පැවැත්වීමට සංවිධානය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment