කොරෝනා නිසා සිදුකළ ගුරුමාරුවලට යළිත් අවස්ථාව

121

චමින්ද සිල්වා

 කොවිඞ් වසංගතය හේතුවෙන් දැනට තම නිවස ආසන්න ජාතික පාසල්වල තාවකාලිකව අනුයුක්තව සේවය කරන ගුරුවරුන්ට තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කරගැනීමට අවස්ථාව සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය… 02 – පිටුවට

 ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

 ඒ සඳහා යළි පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු* වෙත ඉදිරිපත් කළ යුතුය.

 එහෙත් එම කාලසීමාවන් අවසන් කළ ගුරුවරුන් තම නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

 රටේ පවතින කොවිඞ් -19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාලසීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් ජාතික පාසලක් වෙත තාවකාලික අනුයුක්තවීමට ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථාව සලසා දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment