කොරෝනා පතුරුවන්නේ නැතිව උද්ඝෝෂණ කරපුවාවේ – අගමැති මහින්ද රාජපක්‍ෂ

204

ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් ඕනෑම අයෙකුට උද්ඝෝෂණ පැවැත්වීමට හැකියාවක් තිබෙන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (27 දා) ප‍්‍රකාශ කළේය.

විවිධ හේතු කාරණා පෙන්වා දෙමින් රටේ ඇතැම් පළාත්වල උද්ඝෝෂණ කරන උදවියට බාධා පමුණුවන්නේ නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

එහෙත් කොරෝනා වසංගත තත්ත්වය ඉතා සැලකිල්ලට යොමුකිරීම කවුරු කවුරුත් සිහිකල්පනාවෙන් කළයුතුව ඇති බව ද අගමැතිවරයා සඳහන් කළේය.

කොරෝනා තත්ත්වය යළිත් වැඩි කිරීමට ඉඩ නොදී මෙම උද්ඝෝෂණකරුවන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ක‍්‍රියාකිරීම වැදගත් වනු ඇතැයි ද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment