කොරෝනා පාලනයට අසමත් වූ ටියුනීසියාවේ අගමැති බලයෙන් නෙරපයි

154

අප‍්‍රිකානු රාජ්‍යයක් වන ටියුනීසියාවේ දරුණු ලෙස පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එරට රජයට එරෙහිව නැගුණු ජනතා විරෝධය හේතුවෙන් ටියුනීසියානු ජනාධිපතිවරයා විසින් රටේ අගමැතිවරයාව බලයෙන් නෙරපා හැර පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවා තිබේ. මෑතකදී සිට ටියුනීසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රජයට එරෙහිව පෙරේදා (25දා* දිනයේ රටපුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විණි.

 මෙම ජනතා විරෝධයත් සමගම ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඞ් විසින් එරට අගමැති හිචෙම් මෙචිචි බලයෙන් නෙරපා දැමූ අතර පාර්ලිමේන්තු කටයුතුද අත්හිටුවූ බව නිවේදනය කර ඇත. 2019 වසරේදී බලයට පත් වූ ජනාධිපති සයිඞ් රජයේ පාලන කටයුතු තමන් විසින් පවරාගත් බව ප‍්‍රකාශ කර ඇත. මෙම තත්ත්වයත් සමගම ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විසින් ප‍්‍රීති ඝෝෂා නගමින් වීථිවල ගමන් කර ඇති අතර බලයෙන් නෙරපූ අගමැතිවරයාගේ ආධාරකරුවන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා අගමැතිවරයාට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බවයි. මේ හේතුවෙන් විරුද්ධවාදී කණ්ඩායම් අතර ඊයේ දිනයේ මහා මාර්ගවල ගැටුම් හටගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment