කොරෝනා පාලනයට දඩ වැඩි කරන්න…. රු.5000 දඩය රු. 50000 කළ යුතුයි

175

කොවිඞ් තුන්වැනි රැල්ල පාලනය සඳහා සෞඛ්‍ය නීති තදින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා දැනට ඇති රුපියල් පන්දහසේ දඩ මුදල ගැසට් නිවේදනයක් මගින් රුපියල් පනස්දහස දක්වා වෙනස් කළ යුතු බවත් සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
 
 කොවිඞ් පළමු සහ දෙවැනි රැුල්ල පාලනය කිරීමට හැකි වූ ලෙස තුන්වැනි රැුල්ල පාලනය කිරීම අපහසු කාර්යයක් නොවේ යැයි ද ඒ සඳහා ඉලක්කයක් ඇතිව කටයුතු කරන්නේ යැයි ද ඇමැතිවරිය කිවාය.
 
 කොවිඞ් රෝගය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත්කර තිබෙනවා. එය රටේ ක‍්‍රියාත්මක විය යුතුයි. ඒවා පිළිපදින්නේ නැති අය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය එක්වී තදින් නීතිය ක‍්‍රියාත්මක කළ යුතු යැයි ද සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය. ඇය මේ බව පැවසුවේ කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතිටරීකරණ රසායනාගාරය ඊයේ (23 දා* විවෘත කිරීමෙන් පසු අදහස් දක්වමිනි. වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන ජයන්ත සමරවීර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, අනිල් පැස්කුවෙල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛi සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment