කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාරගේ මල්ලී කොරෝනාවෙන් මරුට

516

කොරෝනා රෝගයට දේශීය ඖෂධ පානයක් නිෂ්පාදනය කරමින් රට පුරා ජනපි‍්‍රයත්වයට පත්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොවිඞ් වෛරස රෝගය උත්සන්න වීමෙන් මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි ඒ. කේ. හීන්බණ්ඩා නමැති අයෙකි.

58 හැවිරිදි ඔහු තිදරු පියෙකි. පිළිකා රෝගයකට ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඉකුත් 12 වැනිදා රාති‍්‍රයේ ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

දේහය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේදී සිදු කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයේදී ඔහුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇතැයි හෙළිවූ බව කෑගල්ල පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීති රීති අනුව කෑගල්ල ආදාහනාගාරයේදී සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment