කොරෝනා පැතිරීම නිසා චීන අගනුවර දුම්රිය ස්ථාන බස් රථ මාර්ග වසයි

239

කොරෝනා වසංගත රැල්ලක් හේතුවෙන් චීනයේ අගනුවර වන බීජිං නගරයේ දුම්රිය ස්ථාන 40කට අධික සංඛ්‍යාවක් හා බස් රථ මාර්ග 158ක් වසා දැමීමට චීන බලධාරීන් විසින් ඊයේ (04දා) පියවර ගෙන තිබේ. කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගෙන තිබීම නිසා බීජිං නගරයේ පිහිටි පාසල්, ඇතැම් ව්‍යාපාරික ස්ථාන හා නිවාස ගොඩනැගිලි ද වසා දැමීමට බලධාරීන් විසින් කටයුතු කර තිබේ.

 කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් චීනයේ ෂැංහයි නගරය මසකට අධික කාලයක් මුළුල්ලේ වසා තැබීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර නගරය දැඩි සේ අගුලු දමා තිබීම හේතුවෙන් එහි වෙසෙන මිලියන ගණනක ජනතාවට බෙහෙත් හා ආහාර සපයා ගැනීම පවා මේ වන විට අසීරු වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment