කොරෝනා මඬින්න ගත් ක‍්‍රියා නිසා ආර්ථිකයට ටි‍්‍රලියන 2.5ක පාඩුවක්

117

වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග නිසා මේ වසරේ (2021) දී රටේ නිෂ්පාදිතයේ (නාමික වශයෙන් ගණනය කළ) වාර්ෂික පාඩුව රුපියල් ටි‍්‍රලියන 2.5ක අති විශාල අගයක් බව මහ බැංකුවේ පුරෝකථනවලට අනුව පෙන්නුම් කරන බව මහ බැංකුව ඊයේ (11 දා* නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

මහ බැංකුව විසින් ඊයේ ‘මෑත කාලීන ආර්ථික ප‍්‍රවණතා – 2021’ නමින් නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වේ.

එහි සඳහන් වන්නේ වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා ආර්ථික හා සමාජ කටයුතු තාවකාලිකව සීමා කර තැබීම සහ සංචරණ සීමා පැනවීම අවශ්‍ය වුවද එමගින් සාර්ව ආර්ථික කාර්ය සාධනය වෙත ඇති වූ බලපෑම ඉතා දැඩි වූ බවයි.

මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ එම නවතම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

2019 වසරේ අපේ‍්‍රල් මාසයේ දී මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනවලට අනුව ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ දී රුපියල් ටි‍්‍රලියන 17.39 ක සහ 2021 වසරේදී රුපියල් ටි‍්‍රලියන 19.17ක මට්ටම්වල පවතිනු ඇතැයි අපේක්ෂා කෙරිණි. කෙසේ නමුත් වසංගතයත් සමග ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ දී රුපියල් ටි‍්‍රලියන 14.97ක් පමණක් වූ අතර 2021 වසරේ දී එය රුපියල් ටි‍්‍රලියන 16.5 ක් පමණ වනු ඇතැයි අපේක්ෂිතය. මෙමගින් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික පාඩුව රුපියල් ටි‍්‍රලියන 2.5 ක් පමණ අති විශාල අගයක් බව පෙන්නුම් කෙරේ.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment