කොරෝනා මඬින්න සජබ මන්ත‍්‍රීවරුත් වැටුපෙන් භාගයක් දෙති

582

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් 14 දෙනා සිය මාසික වැටුප පක්ෂය විසින් පිහිටුවා ඇති කොවිඞ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව පසුගියදා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභාව පැවැත්විණි.

මෙහිදී රට පුරා සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1300ක් වන පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ටද සිය මාසික වැටුප ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොවිඞ් අරමුදලට පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

කොවිඞ් රෝගීන්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවීමටත්, රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් ඇතුළු අනෙකුත් බෙහෙත් වර්ග මිලදී ගැනීම සඳහාත් මෙම මුදල් ලබාදීම අරමුණ බව මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

උපාලි ද සේරම් සහ ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment