කොරෝනා මරණවලින් හරි අඩක් සිදුව ඇත්තේ අගෝස්තු මාසයේ

264

මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාව මේ වන විට එකොළොස් දහස ඉක්මවා ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (12දා)  කොරෝනා මරණ 131ක් වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,152කි. මෙම මරණ ඉකුත් 11දා සහතික කළ ඒවාය. වසංගත රෝග පාලන ඒකකයේ වාර්තා අනුව මෙම මරණවලින් හරි අඩකටත් වැඩි ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ පසුගිය මාසයේදීය. ඒ අනුව අගෝස්තු මාසය තුළ වාර්තාවී ඇති මරණ ගණන 5426කි.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 1,579ක් ඊයේ (12දා) රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 412,812ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම තවත් කොරෝනා ආසාදිතයන් 2022 ක් වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 482,010කි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment