කොරෝනා මරණ 66ක් දක්වා අඩුවේ

214

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළේ කොරෝනා මරණ 66 කි. මෙම මරණ ඊයේ සහතික කළ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 918 ක් ද අද වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 506,227දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලැබූවන් 1047 ක් අද සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 434,140කි.

advertistmentadvertistment
advertistmentadvertistment