කොරෝනා මර්දනයට සෞඛ්‍ය විද්‍යාත්මකව රට සූදානම් කළ යුතුයි…. මරණ සහ ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටුපස ජනපති සිටින බව පැහැදිලියි

255

ආණ්ඩුව කරවන ඉහළ තැනැත්තන්ගේ උද්දච්චකම පැත්තකට දමා සෞඛ්‍යය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව විද්‍යාත්මක වැඩපිළිවෙළක් යටතේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා රට වහා සූදානම් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (19 වැනිදා* එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.

කොවිඞ් වසංගතයේ වර්තමාන තත්වය අනුව එයින් ජනතාව බේරාගන්නට ක්ෂණිකව ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙනවා. අපිට ඇහෙන්න දකින්න ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව අප ඉන්නේ වසංගතයේ නරකම අදියරක ආරම්භයෙයි. මේ තත්වය නොසලකා හැරීමෙන් රෝහල් ධාරිතාවය ඉක්මවමින් ආසාදිතයන් ඇතුළත් කිරීමට සිදුවී තිබෙනවා. රෝහල්ගත ආසාදිතයන් 45,000කට වැඩියෙන් වාර්තා වෙනවා. පළවෙනි රැුල්ලේදී ඇමරිකාවෙත්, ඉතාලියෙත්, ඉන්දියාවේත්, ඉන්දුනීසියාවෙත් මේ තත්වය මතුවුණා. ආසාධිතයන් දරාගත නොහැකි සෞඛ්‍ය පද්ධතිය අතිශය බරපතළයි. භෞතික පහසුකම්වලට වඩා ඒ කියන්නේ, දැඩි සත්කාර ඒකක, ඔක්සිජන්, වෙන්ටිලේටර් පමණක් නෙවෙයි රෝහල කාර්යමණ්ඩල පවා ප‍්‍රතිකාර කිරීම සඳහා ප‍්‍රමාණවත් නැහැ. අනෙක් පැත්තෙන් රෝහල් කාර්ය මණ්ඩලයත් ආසාදිතයන් බවට පත් වෙනවා.

මේ වනවිට සෞඛ්‍ය කාර්ය සහායකයන් සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවිත ගණනාවක් රටට අහිමි වී තිබෙනවා. මේ තත්වයන්ගෙන් පෙන්නුම් කරන්නේ වැඩිවන රෝගීන් ප‍්‍රමාණයට ප‍්‍රතිකාර කරන්න සෞඛ්‍ය පද්ධතිය ප‍්‍රමාණවත් නැහැ කියන එක. පසුගිය මැයි මාසය පමණ වනවිට ඉදිකර තිබුණු අතරමැදි නේවාසික කඳවුරුවලට යොදවන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිටියේ නැහැ. අද තත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගන්න බැරි මට්ටමට පත්වී තිබෙනවා. අනෙක් පැත්තෙන් වෛරසයේ විකෘති ප‍්‍රභේදයන් තුනක් දැනටමත් ඩෙල්ටා ප‍්‍රභේදයෙන් ඇතිවී තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ වගේ වෙලාවකදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ආණ්ඩුවක් නිවැරදි මොහොතේදී නිවැරදි ක‍්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ආණ්ඩුව ඒ ක‍්‍රියාමාර්ග අනුගමනය නොකර තමන්ට කැමති ක‍්‍රියාමාර්ග ගනිමින් හේතු දක්වනවා. ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බළකාය වෛරසය මැඬලීමට අදාළ නිවැරදි විද්‍යාත්මක ක‍්‍රියාමාර්ග අවශ්‍ය මොහොතේදී

ගන්නේ නැහැ. යම් රෝගියෙකුට ආසාදනය වුණු මූලාශ‍්‍රය සොයා ගන්න බැරිනම් එය සමාජගතවීමක්. නමුත් ආණ්ඩුව මේ බව පිළිගන්න සූදානම් නැහැ. පසුගිය රැලිවලදී පෑලියගොඩ පොකුර, කිරිබත්ගොඩ පොකුර යනුවෙන් හඳුන්වා මූලාශ‍්‍රය දන්නා බව තහවුරු කරන්න උත්සාහ කළා. නමුත් මේ වනවිටත් ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බලකාය උත්සාහ කරන්නේ රෝගය සමාජගතවී නැති බව කියන්නයි. මේ තත්වය යටතේ ක්ෂණිකව විද්‍යානුකූලව රට වසා දැමීම හැර වෙනත් උත්තරයක් නැහැ. රෝගය පිළිබඳව නිවැරදි දත්ත ගෙන එන පරීක්ෂණ සීමා කර අනෙක් පැත්තෙන් ඒ පරීක්ෂණවලින් ලැබෙන ප‍්‍රතිඵලත් විකෘති කර ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව කොතරම් දුරට දත්ත සැඟවූවත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ මාධ්‍යවලට අපි ස්තුතිවන්ත වෙනවා.

ජූනි මාසයේ මැද ජනාධිපති කාර්යසාධක බලකාය සුවිශේෂී දෙයක් සිදුකර තිබුණා. ආසාධිතයන් 101ක් වාර්තා කළා කියලා වසංගත රෝග ඒකකයේ ප‍්‍රධානියාට දොස් නගා ඔහු කුමන්ත‍්‍රණයක් සිදුකළ බවට චෝදනා කළා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තනතුරෙන් ඉවත් කර ජනාධිපතිවරයාට අවශ්‍ය අර්ථකතනයක් දුන්නා. මරණ වාර්තා වුණේ සෑම නිවසකටම බුද්ධි අංශ යවා නිවැරදි තොරතුරු ලබාගත් පසුව ඒ මරණ සංඛ්‍යාව හැට ගණනක් බව කියා තිබුණා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment