කොරෝනා මර්දන බෙහෙත් කරල් මිලදී ගැනීමට තවත් රටවල් සැරසේ

481

ඊශ‍්‍රායලය, ඔස්ටේ‍්‍රලියාව හා සිංගප්පූරුව යන රටවල් කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මර්ක් සමාගම විසින් නිපදවා ඇති ප‍්‍රතිවෛරස් බෙහෙත් කරල මිලදී ගැනීමට තීරණය කර තිබේ. අසාධ්‍ය කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම හා මරණයට පත් වීම හරි අඩකින් වැළැක්විය හැකි බවට අනාවරණය වී ඇති ‘මොයිනුපිරවිර්’ නමැති මෙම බෙහෙත් කරල් සඳහා සිය රටේ සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුණු පසු එම කරල් තුන් ලක්ෂයක් මිලදී ගැනීමට තීරණය කර ඇති බව ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා තිබේ.

 මේ අතර සිංගප්පූරුව හා ඊශ‍්‍රායලය ද අදාළ බෙහෙත් කරල් මිලදී ගැනීම සඳහා එය නිපදවූ මර්ක් සමාගම හා ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගෙන තිබේ. එම බෙහෙත් කරල් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් සිය රටට සපයන ලෙස ඊශ‍්‍රායලය විසින් දැනටමත් මර්ක් සමාගමට දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment