කොරෝනා මැද ටෝකියෝ නුවරදී පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල අද ඇරැඹේ

425

2020 පැරාලිම්පික් උළෙල ජාපානයේ ටෝකියෝ නුවරදී අද (24 වැනිදා) ආරම්භ වේ. එ් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පේ‍්‍රක්ෂක  සහභාගිත්වයෙන් තොරව සහ නිමාවට පත්වූ ගිම්හාන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලටත් වඩා දැඩි සෞඛ්‍ය  මාර්ගෝපදේශ යටතේය.

 අද ආරම්භ කෙරෙන කී‍්‍රඩා උළෙල ලබන සැප්තැම්බර් මස 05 වැනිදා අවසන් කෙරේ. මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල්දී කී‍්‍රඩා 22ක් යටතේ ඉසව් 540ක් පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 4400ක් තරග වැදීමට නියමිතව තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 9 දෙනකු මෙවර ඔලිම්පික් උළෙලේදී තරග වැදීමට නියමිත අතර ඔවුන් පසුගිය 20 වැනිදා අලූයම ටෝකියෝ නුවර බලා මෙරටින් පිටත්ව ගියේය.

 ශ‍්‍රී ලංකා පැරා කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9ක් ඇතුළත් වන අතර, කණ්ඩායමේ නායකත්වය පසුගිය රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම දිනා ගත් හෙල්ල විසි කිරීමේ ක‍්‍රීඩක දිනේෂ් ප‍්‍රියන්ත හේරත්ට පවරා ඇත. ඔහු විසින් පැරාලිම්පික් සමාරම්භක උලෙළේදී ශ‍්‍රී ලංකා ධජය රැුගෙන යෑමට නියමිතය.

 ටෝකියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උලෙළේදී ක‍්‍රීඩා 4ක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වන අතර, හෙල්ල විසි කිරීමේ ඉසව්වට ක‍්‍රීඩකයන් 3ක්, වෙඩි තැබීම, පිරිමි මීටර් 400 හා කාන්තා දුර පැනීම යන ඉසව් සඳහා එක් අයකු බැගින් සහභාගී

 වීමට නියමිතව තිබේ. එහිදී හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහා සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර, මීටර 400 ඉසව්වෙන් මධුරංග සුබසිංහ, මීටර 100 සහ දුර පැනීම ඉසව්වෙන් කුමුදු ප‍්‍රියංකා සහ රෝදපුටු ටෙනිස් ඉසව්වෙන් රංජන් ධර්මසේන, දුනු විදීමේ ඉසව්වෙන් සම්පත් බණ්ඩාර සහ ඔරුපැදීම ඉසව්වෙන් මහේෂ් ජයකොඩි තරගවැදීමට නියමිතය.

 කී‍්‍රඩා උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර මේ වනවිට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති අතර පෙරේදා (22 වැනිදා) දිනයේදී කී‍්‍රඩා උළෙලට සම්බන්ධව එහි වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 30 දෙනකු වාර්තා වී තිබිණි. එ් අනුව පසුගිය 12 වැනිදා සිට පෙරේදා දිනය දක්වා සමස්ත කොරෝනා ආසාදිතයින් 144 දෙනකු ටෝකියෝ පැරාලිම්පික් උළෙල ආශි‍්‍රතව හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැති ආකාරයටම සාර්ථකව පැරාලිම්පික් උළෙලද පැවැත්වීමට හැකියාව ඇති බවට 2020 පැරාලිම්පික් උළෙලේ ප‍්‍රධාන සංවිධායක ටොෂිරෝ මුටෝ කියා සිටී.

 කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment