කොරෝනා යළි වැඩි වෙයි – ඩෙල්ටා ආසාදිත මුළු ගණන 68ක්

295

* අවුරුදු 11ක දරුවකුටත් හැදිලා
 
 * කොරෝනා හැදුණු දරුවෝ 51ක් ළමා රෝහලේ
 
 * සැක සාම්පල් ජ’පුරට
 
 * කෝටි 1546ක එන්නත් අරන්
 
 * පෙරේදා 412211කට එන්නත් දෙයි
 
 * 937ක් පූර්ණ සුවය ලබති
 

 
 සති දෙක තුනකට පෙර පහළ යෑමක් පැවතිය ද මේ වන විට යළිත් දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi අසේල ගුණවර්ධන මහතා පැවසීය.
 
 එසේම ශීඝ‍්‍ර ව්‍යාප්තියක් සිදුවන ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් 68 දෙනකු මේ වන විට මෙරටින් හ`දුනාගෙන තිබෙන බව ද ඒ මහතා ස`දහන් කළේය.
 
 මීට අමතරව සැක සහිත සෑම සාම්පලයක්ම වැඩිදුර පරීක්‍ෂණ සඳහා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයට යොමු කර තිබෙන බව ද කී ඒ මහතා තවත් සති දෙකකින් පමණ ඒවායෙහි ප‍්‍රතිඵල ලැබෙනු ඇතැයි ද ප‍්‍රකාශ කළේය.
 
 සැර ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූවන් මේ ආකාරයට ක‍්‍රමයෙන් වැඩි වෙමින් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද ඉහළ යමින් තිබියදී දැනට වාර්තා වී ඇති ඩෙල්ටා ආසාදිතයන්ට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙරට සමාජය තුළ සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ස`දහන් කරයි.
 
 ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය යටතේ ජනතාව නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් රටපුරා සිව්වන කොරෝනා රැුල්ලක් පැතිර යෑම ඇරඹෙනු ඇති බවය.
 
 මෙම ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය වැළඳුණු වයස අවුරුදු 11 ක පාසල් දරුවකු ද ඊයේ (25 වැනිදා) වන විට බේරුවල ප‍්‍රදේශයෙන් හ`දුනාගෙන තිබුණි. බේරුවල හිරිගොඩැල්ල ප‍්‍රදේශයේ පදිංචි එම සිසුවා මේ වන ගාල්ල ප‍්‍රදේශයේ රජයේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින බව බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ජේ. සිංහබාහු මහතා පැවසීය.
 
 එසේම කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 51 දෙනකු ඉකුත් දෙසතියක කාලයේ දී ප‍්‍රතිකාර ස`දහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර පෙරේදා (24 වැනිදා) දිනය තුළ පමණ එසේ දරුවන් 24 දෙනකු රෝහල්ගත කර ඇත.
 
 පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජය ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව ඊයේ වන විට එන්නත් මාත‍්‍රා එක්කෝටි විසිඑක්ලක්‍ෂ පනස්නවදහස් නවසිය විස්සක් ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදන සහ නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා අනාවරණය කළේය.
 
 එම එන්නත් තොගය අතරින් එන්නත් මාත‍්‍රා 8755149ක්ම රජය විසින් මිලදී ගත් ඒවා වන අතර ඒ ස`දහා රුපියල් කෝටි 1546 මුදලක් රජය මේ වන විට වැය කර ඇත.
 
 චීන රජය මගින් පරිත්‍යාගයක් ලෙස ශ‍්‍රී ලංකාවට ලබා දෙන තවත් සයිනෝෆාම් එන්නත් මාත‍්‍රා දහසය ලක්‍ෂයක් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇති අතර ජපාන රජය පරිත්‍යාගයක් ලෙසින් ලබා දෙනු ලබන ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 14 ක් ඉදිරි දින කිහිපයේ දී ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
 
 රජය කි‍්‍රයාත්මක කර ඇති වේගවත් එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව මේ වන විට මෙරට පුද්ගලයන් 7114087 කට කිසියම් එන්නතක පළමු මාත‍්‍රාව ලබා දී අවසන්ව ඇති අතර පුද්ගලයන් 1793472කට මාත‍්‍රා දෙකම ලබාදී අවසන්ව ඇත.
 
 මෙහිදී පෙරේදා (24 වැනිදා) දිනයේ පමණක් දිනකදී ලබාදුන් වැඩිම එන්නත් ප‍්‍රමාණය ලෙස මෙරට පුද්ලයන් 412,211 කට එන්නත් ලබාදී ඇති අතර එහිදී ලබාදී ඇති සයිනෝෆාම් එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය තුන්ලක්‍ෂයකට අධිකය.
 
 මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 937ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විiා ඒකකය ඊයේ දහවල් ස`දහන් කළේය. එම පිරිසත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු මෙරට තුළ මේ දක්වා පූර්ණ සුවය ලද සංඛ්‍යාව 267602 කි.
 

– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment