කොරෝනා රෝගය පාලනයට ආයුර්වේද අත්බෙහෙත්

1165

පවතින කොවිඞ් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා භාවිතා කළ හැකි ආයුර්වේද අත්බෙහෙත් කිහිපයක් පහත දැක්වේ. එම අත්බෙහෙත් භාවිතය තුළින් ඔබටත් ඔබ නිවසේ අන් අයටත් කොවිඞ් වෛරසය ආසාදනය වීම වළක්වාගත හැකිය.

 මුඛය සේදීම

 ලූණු තේ හැඳි 1/4 ක් මිශ‍්‍රකරන ලද මද උණුසුම් ජලයෙන් දිනකට දෙවරක් මුඛය හා උගුර සෝදන්න.

කොරෝනා රෝගය පාලනයට ආයුර්වේද අත්බෙහෙත්


අත් පා සේදීම

 ඔබ නිවසින් බැහැරව ගොස් යළි නිවසට ඇතුළු වීමට පෙර හා හැකි සෑම විටම වතුර බේසමකට කහ මිශ‍්‍රකර දෙහි කැබැල්ලක් දමා ඉන් මුහුණ අත්පා සෝදන්න.

 විෂබීජහරණය

 නිවස තුළ විෂබීජහරනය සඳහා කොහොඹ තෙල් යෙ¥ පහනක් දල්වා තබන්න.

 හුමාලය ඇල්ලීම

 මැටි මුට්ටියකට දෙහි කොළ, බෙලිකොළ, කොහොඹ කොළ සහ නික කොළ දමා තම්බාගෙන ඉන් නැෙ`ගන දුම නාසයෙන් උරා මුඛයෙන් පිට කරන්න.

 මෙය උදේ සවස දෙවරක් සිදුකරන්න. එහිදී වරකට විනාඩියක් හුමාලය ඇල්ලීම ප‍්‍රමාණවත්ය.

 ලූණු කැඳ පානය

 දිවා රාත‍්‍රී ප‍්‍රධාන ආහාරයට පෙර සහල් ඉඟුරු, සුදුලූනු යොදා සකස් කළ ලූණු කැඳ හෝ තැම්බුම් හොදි කෝප්පයක් පානය කරන්න.

 තොරතුරු

දේශීය වෙදකම් ප‍්‍රවර්ධන ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය.

advertistmentadvertistment
advertistmentadvertistment