කොරෝනා වසංගතය නිමාවන ලකුණක් පෙනෙන්නට නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානි

507

මේ වනවිට ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ‘ඔමික්‍රොන්’ වෛරස් ප‍්‍රභේදය මුල් කරගත් කොරෝනා වසංගතය අවසන් වන ලකුණු කිසිවක් තවමත් පෙනෙන්නට නැති නිසා මෙම වසංගතය සුළුවෙන් නොතකන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඞ්රෝස් ඇඩනම් ගෙබ්‍රේයේසුස් ලෝක නායකයන්ගෙන් පෙරේදා (18 දා) විශේෂ ඉල්ලීමක් කළේය.

 ‘ඔමික්‍රොන්’ වෛරස් ප‍්‍රභේදය සුළු රෝග තත්ත්වයක් ඇති කරන බවට හා මෙම ප‍්‍රභේදය හරහා කොරෝනා වෛරසය ලොවින් තුරන්ව යනු ඇති බවට පළවන මත නොමග යවනසුළු ඒවා බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා යුරෝපා රටවලින් දෛනිකව වාර්තා වන ඔමික්‍රොන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඔමික්‍රොන් ප‍්‍රභේදය කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම මෙන්ම ඔවුන් මියයෑමේ අවස්ථා ද වැඩි කිරීමට හේතු විය හැකි බව අවධාරණය කළේය. සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ‘ඔමික්‍රොන්’ ආසාදිතයන් පවා රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමේ පීඩනයක් ඇතිකිරීමට හේතු වනු ඇති බව පෙරේදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථාන ගොඩනැ`ගිල්ලේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් අමතමින් ඔහු සඳහන් කළේය .මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගෙබ්‍රේයේසුස් ලොව පුරා ඔමික්‍රොන් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යන විට නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් බිහි වීම සිදුවනු ඇති අතර නිරතුරුව එම ප‍්‍රභේදයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු කිරීම මෙන්ම වසංගත තත්ත්වය පිළිබඳව තක්සේරුවක් සිදු කිරීම වැදගත් වනුයේ මේ නිසා බව ලෝක නායකයන්ට අනතුරු ඇඟවීය. ‘මෙහිදී විශේෂයෙන්ම අඩු ජනගහනයක් කොරෝනා එන්නත් ලබාගෙන ඇති රටවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. කොරෝනා එන්නත් විදගෙන නොමැති අය කොරෝනා ආසාදනය නිසා දැඩි සේ රෝගාතුර වීමට හා මියයෑමට ඇති ඉඩකඩ වැඩියි .එවැනි එන්නත් කිසිවක් ලබා නොගත් වැඩි පිරිසක් සිටින රටවල ඔමික්‍රොන් වසංගතය නිසා ආසාදිතයන් වැඩි පිරිසක් රෝහල්ගත වීම හා මරණයට පත් වීම සිදු විය හැකියි.’

 වෛද්‍ය ගෙබ්‍රේයේසුස් වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment